රයිගම්පුර, රෙමුණ ගම්මඩු මංගල්‍යය පසුගිය දා පැවැත්වුණු අතර, එහිදී ප්‍රදේශවාසී කුඩා පාසල් සිසුන් පස්දෙනකු පහතරට නර්තන ශිල්පීන් ලෙස සිය නර්තන දිවියේ කලඑළි දැක්ම සිදු කළහ. හොරණ දොන් ප්‍රෙදික් මහා විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සදෙව් තීක්ෂණ, රෙමුණ මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ නවීන් අකලංක, හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ලසිඳු නෙත්සර, හොරණ රාජකීය විද්‍යාලයේ 06 ශ්‍රේණියේ තස්මිල ගවිඳු සහ රෙමුණ මහා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ තරුෂ නිම්සර මෙලෙස කලඑළි දැක්ම සිදු කළහ. නර්තන දිවියේ කලඑළි දුටු පුංචි නර්තන ශිල්පීන්, ඔවුන්ට නර්තන කලාව ප්‍රගුණ කළ රෙමුණ පුෂ්පාංජලී කලායතනයේ නර්තනාචාර්ය, රෙමුණ අයියනායක දේවාලයේ ප්‍රධාන කපු මහතා වන රෝහණ පුෂ්පකුමාර මහතා සහ ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංජිත් රත්නසිරි කපු මහතා ඡායාරූපයෙන් දැක්වේ.
අඟුරුවාතොට සමූහ මංගල ප්‍රසන්න