Sunday, May 11, 2025
Home » ව්‍යවසායකත්ව තත්ත්ව සහතික ප්‍රදානයක්

ව්‍යවසායකත්ව තත්ත්ව සහතික ප්‍රදානයක්

by sachintha
April 3, 2024 1:40 am 0 comment

මාතර දිස්ත්‍රික්කයේ විදාතා සම්පත් මධ්‍යස්ථානවලින් තාක්ෂණය ලබා දෙන ලද ව්‍යවසායකයන්ට තත්ත්ව සහතික ප්‍රදානය කිරීම මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.

කර්මාන්ත අමාත්‍යාංශයේ විදාතා ඒකකය මඟින් ග්‍රාමීය කර්මාන්තකරුවන් නඟාසිටුවීමේ වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ විදාතා සම්පත් මධ්‍යස්ථාන මඟින් තාක්ෂණය ලබාගෙන තම ව්‍යාපාරය වැඩිදියුණු කරගන්නා ලද ව්‍යවසායකයන් කිහිපදෙනකු සඳහා තත්ත්ව පරීක්ෂණ වාර්තා පිරිනැමුණි.

මෙහිදී තිහගොඩ විදාතා සම්පත් මධ්‍යස්ථානයෙන් තාක්ෂණය ලබාගෙන තම ව්‍යාපාරය වැඩිදියුණු කරගත් ඉරේෂා දිනුෂිකා සොයිසා මහත්මිය සහ කඹුරුපිටිය විදාතා සම්පත් මධ්‍යස්ථානයෙන් තාක්ෂණය ලබාගෙන තම ව්‍යාපාරය වැඩිදියුණු කරගත් ප්‍රියන්ත හේවාපතිරණ මහතා වෙනුවෙන් සංකේතාත්මකව සහතිකපත් පිරිනැමීය.

මෙමඟින් වෙළෙඳපොළ ජය ගැනීම හා පාරිභෝගිකයා තුළ වැඩි විශ්වාසය තහවුරු කර සෞඛ්‍යාරක්ෂිත හා ගුණාත්මක නිෂ්පාදනයක් පාරිභෝගිකයා වෙත ලබා දීම අපේක්ෂා කෙරේ.

අකුරැස්ස මධ්‍යම විශේෂ – විජිත සල්ගාදු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT