Saturday, July 13, 2024
Home » එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයේ 2024 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් 40කට නිල ලාංඡන

එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයේ 2024 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් 40කට නිල ලාංඡන

by sachintha
April 3, 2024 2:43 am 0 comment

පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ උඩමුල්ල එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයේ 2024 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් 40 දෙනකුට නිල ලාංඡන පැලඳවීම, පාදුක්ක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නෙරංජි කුලරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) දින විදුහල් ශාලාවේදී පැවැත්වුණි.

විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස කේ.පී. යුහස්වින් හංසජ සිසුවාත්, ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඉඳුෂි සංචලා මාපටුන සිසුවියත්, උප ප්‍රධාන ශිෂ්‍ය නායකයින් ලෙස ආර්.ඒ. දුනෙත් හෂාන් සිසුවාත්, කේ.එල්.ඒ. චනුත හර්ෂිත සිසුවාත්, උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාවන් ලෙස අයංසා බෝවින්දි මානගේ සිසුවියත්, එච්.ඒ. ජෙත්මි ලිසන්සා සිසුවියත් තේරී පත්වී ඇත.

මෙම ශිෂ්‍ය නායක නායිකාවන්ට සහ අනෙකුත් ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීම, ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අනෙකුත් ආරාධිත අමුත්තන් විසින් සිදු කෙරුණි.

ඉන් අනතුරුව ශිෂ්‍ය නායක නායිකාවන් දිවුරුම් දීම සිදු කෙරුණි.

විදුහල්පති දිල්හානි විජයවර්ධන මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය උත්සවය සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට පාදුක්ක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නෙරන්ජි කුලරත්න, පාදුක්ක පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත සිල්වා, 5 වන සංඥා බළකායේ දෙවන අණ දෙන නිලධාරී මේජර් දිමුතු සමරවික්‍රම, පොලිස් මූලස්ථානයේ බඳවා ගැනීම් අංශයේ පොලිස් පරීක්ෂක රසිත මානගේ, පාදුක්ක පැරඩයින් සිංහ සමාජයේ සභාපති සිංහ වසන්ත ජයවර්ධන, හිටපු අමාත්‍යවරයකු වූ එම්.ඩී.එච්. ජයවර්ධන මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සාම විනිසුරු ආනන්ද ජයවර්ධන, විදුහල්පති දිල්හානි විජේවර්ධන යන මහත්ම මහත්මීන්ද විදුහලේ ආචාර්ය මණ්ඩලය ද සිසු දරු දැරියෝ ද ඔවුන්ගේ මව්පියෝද සහභාගි වූහ.

පාදුක්ක සමූහ රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT