Home » බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය සිංහ සමාජයෙන් අලුත්වැඩියා කරයි

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය සිංහ සමාජයෙන් අලුත්වැඩියා කරයි

by sachintha
April 3, 2024 2:45 am 0 comment

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයට අයත් පැරණි ගොඩනැඟිල්ලක කොටසක් අලුත්වැඩියා කොට තීන්ත ආලේප කර රෝහල් බලධාරීන් වෙත භාර දීමට මැද කොළඹ සිංහ සමාජය ඉකුත්දා කටයුතු යොදා තිබිණි.

එහිදී රෝහල වෙත පරිත්‍යාග කරන ලද නිදන මෙට්ට සහ මදුරු දැල් වෙනුවෙන් සංකේතාත්මකව මැද කොළඹ සිංහ සමාජයේ සභාපති විරාජ් කුමාරගේ මහතා විසින් මදුරු දැලක් සහ නිදන මෙට්ටයක් නියෝජ්‍ය රෝහල් අධ්‍යක්ෂක, වෛද්‍ය සන්තුෂ සේනාධිපති මහතා වෙත භාර දෙන අයුරු සේයාරුවින් දැක්වෙයි.

ප්‍රධාන ආරාධිත හිටපු සිංහාධිපතිනි අනෝමා විජේසිංහ මහත්මිය සහ අජිත් ගුණවර්ධන, රවී සිවකුමාර් යන මහත්වරුන් ඇතුළු සිංහ සමාජ සාමාජිකාවන් ද මෙහි වෙති.

වත්තල විශේෂ – ජෝශප් පයස්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT