Monday, April 28, 2025
Home » විස්සයි20න් පෙරමුණ ගන්න ශ්‍රී ලංකා-එංගලන්ත ගැටුම අද
තුන්කොන් කාන්තා යොවුන් සටන

විස්සයි20න් පෙරමුණ ගන්න ශ්‍රී ලංකා-එංගලන්ත ගැටුම අද

by sachintha
April 3, 2024 1:48 am 0 comment

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ විස්සයි20 අවසන් තරගය අද (3) පස්වරු 2.00ට සත්කාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වේ.

මේ තරගයෙන් විස්සයි20 තරගාවලිය නිමා වන අතර, අනතුරුව කණ්ඩායම් 3 අතර තුන්කොන් එක්දින තරගාවලියක් පැවැත්වේ. මේ තරගාවලි ද්විත්වය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායමට ශූරතාව හිමි වෙයි. එම නිසා මේ වන විට තරග 2 බැගින් ජයගෙන සිටින ශ්‍රී ලංකාව සහ එංගලන්ත අතර අද තරගය පෙරමුණ ගැනීමේ සටනක් බවට පත්ව තිබේ.

ඊයේ පරාජය සමඟ ඔස්ට්‍රේලියාව එක් ජයකින් විස්සයි20 තරගාවලිය නිමා කරමින් තෙවැනි ස්ථානයට වැටී සිටින අතර, අද තරගයේ ජයග්‍රාහකයන්ට පළමු ස්ථානය හිමි වනු ඇත. මින් පෙර පැවති එංගලන්තයට එරෙහි තරගය ලකුණු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුවද තරග දෙකේදීම ඔස්ට්‍රේලියාව පරාජය කිරීමට එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල ලකුණු 124කින් නතර කළ එංගලන්ත ක්‍රීඩිකාවෝ ඕවර 13.3කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමිනි.

ඩවිනා පෙරින් පන්දු 38කින් ලකුණු 56ක් සහ අබි නොර්ග්‍රෝව් පන්දු 19කින් වේගවත් ලකුණු 30ක් රැස් කරමින් එංගලන්ත ජය තහවුරු කළහ. එරින් තෝමස් (16) සමඟ පළමු කඩුල්ල ලකුණු 50ක් එක් කළ පෙරින් තෙවැනි කඩුල්ලට අබි සමඟින් පන්දු 32කින් ලකුණු 52ක් එක් කළාය.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියනු පිල යොවුන් පිල වෙනුවෙන් ඇමී ස්මිත් පන්දු 45කින් ලකුණු 50ක් රැස් කළ අතර, ලුසී ෆින් ලකුණු 36ක් රැස් කළාය. දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 81කි.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT