Monday, May 20, 2024
Home » නිපුණතා හා ආයෝජනය මත ඔස්ට්‍රේලියාවට සංක්‍රමණයට අවස්ථා

නිපුණතා හා ආයෝජනය මත ඔස්ට්‍රේලියාවට සංක්‍රමණයට අවස්ථා

by sachintha
April 4, 2024 1:17 am 0 comment

නිපුණතා හා ආයෝජනය මත ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ශ්‍රී ලාංකිකයින්ට ඉහළ අවස්ථා රැසක් හිමිව තිබෙන බවත් ඒ සඳහා විශේෂඥ දැනුම ඇති නිවැරැදි උපදේශන සේවාවන් භාවිත කළ යුතුව ඇති බව නීතිඥ සුසන්ත කටුගම්පොළ මහතා සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුසන්ත කටුගම්පොළ මහතා,

“ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර සබඳතාවය වර්ධනය කර ගනිමින් ඔස්ට්‍රේලියාවට නිවැරැදි හා නිත්‍යයානුකූලව ශ්‍රී ලාංකිකයින් සංක්‍රමණය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම ලබා දීම අප ආයතනයේ ප්‍රධාන අරමුණයි.

ඒ සඳහා ශ්‍රී ලාංකිකයින් වෙත නිවැරදි මඟ පෙන්වීම ලබා දීමට ඔස්ට්‍රේලියා ගේට්වේ ආයතනය හා ෆෙයාර්ෆීල්ඩ් නීතිඥ කණ්ඩායම ඒකාබද්ධව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ෆෙයාර්ෆීල්ඩ් නීතිඥ කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ කොළඹ අබ්දුල් කෆූර් මාවතේ ශාඛාවක් ද ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාවේ මෙන්ම ඔස්ට්‍රේලියාවේ ජීවත්වන සංක්‍රමිකයින්ට ද මෙහිදී අපගේ සේවාවන් ලබා දෙනවා.

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තියෙන හොඳම අවස්ථාවක් ලෙස නිපුණතා සංක්‍රමණය පෙන්වා දිය හැකියි. ඒ සඳහා වෘත්තීය සුදුසුකම්, අධ්‍යාපනය හා ඉංග්‍රීසි දැනුම වැදගත් වන අතර එම අයට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය මෙන්ම පුරවැසිභාවය ලබාගත හැකියි. එලෙස පදිංචි වන අයට අපි දෙන පළමු උපදෙස ශ්‍රී ලංකාව අමතක නොකර ලංකාවට සෑම ආකාරයකම උදව් උපකාර කරන ලෙසයි. ශ්‍රී ලංකාව ගැන කලකිරීමෙන් ඔස්ට්‍රේලියාවට ඒමට අදහස් නොකර ශ්‍රී ලංකාව ගැන ආදරයෙන් පැමිණ තමන්ගේ අභිවෘද්ධිය හා අනාගත අපේක්ෂාවන් වෙනුවෙන් කටයුතු කරන්න.

ශ්‍රී ලංකාවේ තිබෙන සමාගම්වලට ඔස්ට්‍රේලියාව තුළ ආයෝජනය කිරීමට ඉහළ අවස්ථාවක් උදාවී තිබෙනවා. දේපළ සංවර්ධනය, කෘෂිකාර්මික අංශය, සේවා අංශය හා සම්පත් අංශයේ ආයෝජනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT