Monday, May 20, 2024
Home » RDB බැංකුව පළාත් විශිෂ්ට ශාඛා අගයයි

RDB බැංකුව පළාත් විශිෂ්ට ශාඛා අගයයි

by sachintha
April 4, 2024 1:18 am 0 comment

2023 ඌව පළාත් කාර්ය සාධන ඇගැයීමේ උ‍ෙලළ බදුල්ල ‘Nestline’ හෝටල් පරිශ්‍රයේදී 2024-03-19 දින උත්කර්ෂවත් අන්දමින් බැංකුවේ සභාපති ඩබ්. ඒ. ඩී. එස්. ගුණසිංහ, සාමාන්‍යාධිකාරි ප්‍රධාන විධායක නිලධාරී සුමේධ එදිරිසූරිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් හා බැංකු සහය සේවා ජී. එම්. බී. සී. ද සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ණය අය කිරීම් ඩී. එම්. ටී. එස්. කුමාර, ප්‍රධාන තොරතුරු නිලධාරී අජන්ත රත්නායක සහ ඌව පළාත් ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී කේ. බී. විජේරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. පසුගිය වසර තුළ ශාඛා පද්ධතියේ තැන්පතු වර්ධනය, අඩු පිරිවැය තැන්පතු වර්ධනය, ණය වර්ධනය, ප්‍රතිමූල්‍ය ණය වර්ධනය, උකස් ණය වර්ධනය, දොරින් දොර අතමාරු ණය වර්ධනය, අඩුම අක්‍රමික ණය ප්‍රතිශතය, අක්‍රමික ණය පාලනය, ශාඛා ජාලය තුළ වැඩිම ලාභය, ඉහළම කාර්ය සාධනය ඇති ශාඛාව යන අංශයන්හි ලබාගත් පළමු, දෙවැනි හා තුන්වන ස්ථානය සඳහා සම්මාන ප්‍රදානය කරන ලදී. ජාතික තලයේ ස්ථාන ලබාගත් ශාඛා ද ඇගැයීමට ලක්කරන ලදී. ඌව පළාත තුළ වැඩිම ලාභය ලබාගත් ශාඛාව සඳහා සභාපතිතුමා අතින් බදුල්ල ශාඛාව සම්මාන ලබාගත් අතර එහි දෙවන ස්ථානය මහියංගණ ශාඛාව ලබාගන්නා ලදී. තුන්වන ස්ථානය හිමිවූයේ පස්සර ශාඛාව සඳහාය.

පළාතේ ඉහළම කාර්ය සාධනය සඳහා වූ රන් සම්මානය හිමිවූයේ පළාතේ අතිදුෂ්කර ශාඛාවක් වන සෙවනගල ශාඛාවට වීම විශේෂත්වයක් වූ අතර එම අංශයේම රිදී සම්මානය මැදගම ශාඛාව විසින් ද එහි ලෝකඩ සම්මානය බණ්ඩාරවෙල ශාඛාව විසින් ද දිනා ගන්නා ලදී.

අදාළ සම්මානයන් පිළිවෙළින් එහි ශාඛා කළමනාකාරවරුන් වන ආර්. එම්. යූ. ඉන්දික, පුන්සරා ගුලවිට සහ ජානක අත්තනායක යන මහත්ම මහත්මීන් විසින් ලබාගන්නා ලදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT