Monday, May 20, 2024
Home » SLT-MOBITEL ‘One Shot ULTRA’ වෙතින් ජංගම දුරකතන පාරිභෝගිකයන්ට අසීමිත ඇමතුම් සහ ඩේටා

SLT-MOBITEL ‘One Shot ULTRA’ වෙතින් ජංගම දුරකතන පාරිභෝගිකයන්ට අසීමිත ඇමතුම් සහ ඩේටා

by sachintha
April 4, 2024 1:19 am 0 comment

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සිය ජංගම දුරකතන සේවා පාරිභෝගිකයන් වෙනුවෙන් ‘One Shot ULTRA’ නමින් සුවිශේෂී පැකේජයක් හඳුන්වා දී තිබේ.

ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සමඟ ඕනෑම කාර්යයක් සඳහා නොනවතින ඩේටා ලබාදෙන මෙම පැකේජය පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් වනු ඇත. විශේෂයෙන්ම SLT-MOBITEL ජාලයේ ක්‍රියාකාරීත්වය සහ වේගය නිසා තමන්ට රිසි සේ අන්තර්ජාලය භාවිත කිරීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබේ.

මෙය ශ්‍රී ලංකාවේ දුරකතන ඇමතුම් සහ ඩේටා සම්බන්ධ නව යුගයක ආරම්භයක් වනු නිසැක ය. මේ වනවිට SLT-MOBITEL ‘One Shot ULTRA’ පැකේජය දින 7, 30, 60, 90 සහ 180 යන කාලසීමා සඳහා ලබාගත හැකි අතර, පෙරගෙවුම් සම්බන්ධතාව රු. 488 සිට ලබාගත හැකි වේ. රු. 1,989 කට ලබාගත හැකි දින 30 පැකේජය පෙරගෙවුම් සහ පසුගෙවුම් යන ක්‍රම දෙකටම ලබාගත හැක. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු https://www.mobitel.lk/one-shot-ultra හි දක්වා තිබේ.

රීලෝඩ් පහසුකම් ලබාදෙන ස්ථානවන කීල්ස්, කාගිල්ස් සහ ලාෆ්ස් සුපිරි වෙ‍ෙළඳසල් සහ වෙනත් අලෙවි නියෝජිතයන් වෙතින් තම පෙරගෙවුම් සම්බන්ධතාව නියමිත වටිනාකමට රීලෝඩ් කිරීමෙන් පාරිභෝගිකයන්ට One Shot ULTRA පැකේජය සක්‍රිය කරගත හැක. එමෙන්ම SLT-MOBITEL Self Care යෙදුම හෝ මාර්ගගත බැංකුකරණ යෙදුම් භාවිතයෙන්ද, නැතිනම් #170# ඩයල් කිරීම මඟින්ද ඉතාමත් පහසුවෙන් මෙම පැකේජය සක්‍රිය කරගත හැකි වේ.

One Shot ULTRA පසුගෙවුම් පැකේජ ලබාගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට එම පැකේජ දිවයින පුරා විසිරුණු MOBITEL ශාඛා වෙතින්, SLT Teleshops වෙතින් සහ බලයලත් නියෝජිතයන් වෙතින් ලබාගත හැක.

පාරිභෝගිකයන්ට විශිෂ්ටතම අන්තර්ජාල අත්දැකීමක් ලබාදෙන අතරම ඩිජිටල් ජීවන රටා සවිබලගැන්වීම සම්බන්ධයෙන් SLT-MOBITEL සතු දැක්මට සමගාමීව හඳුන්වා දෙන ලද One Shot ULTRA ශ්‍රී ලංකාවේ ‘මොබයිල් ඩේටා’ සම්බන්ධ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වනු නො-අනුමාන ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT