Home » ෆින්ලන්ත පාසලේදී සිසුන්ට වෙඩි තැබුවේ නවක වදයෙන් බේරීමට 12 හැවිරිදි සැකකාර සිසුවා පොලිසියට කියයි

ෆින්ලන්ත පාසලේදී සිසුන්ට වෙඩි තැබුවේ නවක වදයෙන් බේරීමට 12 හැවිරිදි සැකකාර සිසුවා පොලිසියට කියයි

by mahesh
April 5, 2024 1:00 am 0 comment

ෆින්ලන්තයේ වැන්ටා නුවර වියටෝලා ප්‍රාථමික පාසලකදී පසුගියදා 12 හැවිරිදි සිසුවකු විසින් සම වයසේ පසුවන සිසුවකුට සහ සිසුවියන් දෙදෙනකුට වෙඩි තබනු ලැබුවේ නවක වදයට ලක්වීම නිසා බව එරට පොලිසිය සඳහන් කර තිබේ. 12 හැවිරිදි එම සැකකාර සිසුවා පොලිසියට මේ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. සැකකාර සිසුවාගේ වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කළ සිසුවා පසුව ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබු සිසුවියන් දෙදෙනා වැඩිදුරට ප්‍රතිකාර ලබමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

සැකකාර සිසුවා හෙල්සින්කි අගනුවරට තදාසන්න ප්‍රදේශයක් වන වැන්ටා නුවර පිහිටි එම පාසලට ඇතුළත් වී ඇත්තේ මේ වසරේදී බවත්, වෙඩි තැබීම සිදුවූ දිනයේ එම සිසුසිසුවියන් පාසලට මඳක් දුරින් පිහිටි ස්ථානයකදී තමා රඳවා තබාගෙන වදහිංසාවට ලක්කළ බවත් ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත. වෙඩි තැබීම සිදු වී ඇත්තේ ඊට පැයකට පමණ පසුව බව වාර්තා වේ.

සිසුවාගේ සහ සිසුවියන් දෙදෙනාගේ වධහිංසාවට ලක්වීමෙන් පසු එම සිසුවා අදාළ ස්ථානයේ සිට නැවත පාසල කරා යමින් සිටියදී ඔවුන්ට තර්ජනය කර ඇතැයි ද පොලිසියට වාර්තා වී තිබේ. ඝාතනය කිරීම සහ ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධව ෆින්ලන්ත පොලිසිය මේ වනවිට පරික්ෂණ ආරම්භ කළද, සැකකාර සිසුවාගේ වයස අනුව අපරාධ චෝදනා යටතේ ඔහු රඳවා තබා ගැනීමට නොහැකි බැවින් සමාජ සුබසාධන සේවා ආයතනයක් භාරයේ රඳවා ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT