Thursday, May 15, 2025
Home » ගිනි ගත් නිවෙසට දානපතීන්ගෙන් නව නිවෙසක්

ගිනි ගත් නිවෙසට දානපතීන්ගෙන් නව නිවෙසක්

by mahesh
April 5, 2024 1:00 am 0 comment

සීගිරිය විශේෂ

දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ නිවසකට ගිනි ඇවිලීමෙන් ඇඳිවත පමණක් ඉතිරි වී අන්ත අසරණ තත්ත්වයට පත් වූ පවුලක් පිළිබඳ පුවතක් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමත් සමඟ දානපතීන් එක්ව එම පවුලට නිවස අලුත්වැඩියා කර භාරදීම 03 දින සිදු කෙරින.

මේ නිවසේ සිටි 13 හැවිරිදි දියණිය ලිංගික අපයෝජනයකට ලක් කොට මරා දමා වසර තුනකට ආසන්න වුවත් මෙතෙක් අපරාධකරුවන් සොයා ගැනීමට නොහැකිවීම ගැන කානගාටු වන බව නිවස භාරදීමට වැඩම කළ දඹුල්ල ආතුපාරයාය ශ්‍රී බෝධිරුක්කාරාමාධිපති අලුත්ගම උපනන්ද හිමියෝ පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කළහ.

දියණියගේ අභාවය වෙනුවෙන් මරණාධාර සමිතියෙන් ලැබුණු මුදල් අපරාධකරු සෙවීමට ප්‍රවාහන වියදම් ලෙස පොලිසියට ලබාදීමට සිදුවූ බව මියගිය දියණියගේ පියා හඬා වැටෙමින් හෙලිකිරීම ද විශේෂත්වයකි.

දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ මව පියා සහ පිරිමි දරුවකු පමණක් ජීවත් වන කුඩා කාමර දෙකක නිවස ගිනි ඇවිලී ප්‍රදේශවාසීන් විසින් ගින්න නිවා දැමුවද සම්පූර්ණ නිවසේ බඩු මුට්ටු ඇඳුම් පැළඳුම් කොට්ට පැදුරු ඇඳන් ආදී සියල්ලම දැවී ගොස් විනාශවූ පුවත පසුගිය 11 වන දින අප හෙලිකළෙමු.

මෙසේ ගිනි ඇවිලී ඇඳිවත පමණක් ඉතිරිවුයේ අතුපාරයාය ප්‍රදේශයේ පදිංචි චන්දරත්න බණ්ඩාර කුලතුංග නමැති මහතාගේ නිවස බවත් එම අය නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි බතල වගාවක් පවත්වාගෙන එහි වැඩ කටයුතු කරමින් සිටිය දී මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇතැයි ඔවුහු පවසති.

කුඩා කාමර දෙකේ ජීවත්වෙන මෙම පිරිසගේ නිවසහි ගිනි ඇවිලෙන බව ප්‍රදේශවාසීන් දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයට දැනුම් දීමෙන් අනතුරුව ගිනි නිවීමේ රථය පැමිණ ගින්න පාලනය කොට මැඩ පැවැත්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT