විල්ගමුව ප්‍රදේශයේ ලේකම් කොට්ඨාශයට අයත් (හැටිපොල, මොරගහ උල්පත, නාගොල්ල, සුළු ගුණ) වසම් වල ඉඩමක අයිතිය නොමැති පිරිසකට තම ඉඩම්වලට නීත්‍යානුකූල අයිතිය තහවුරු වන ලියවිල්ලක් මෙතෙක් නොතිබු නිසා තමා භූක්ති විදින ඉඩමට නීත්‍යානුකූල බලපත්‍ර බෙදා දීමේ උත්සවයක් ඊයේ (04) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය.
කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් නොතිබූ මෙම ජනතාවට තාවකාලික පදනමින් මෙම බලපත්‍රය ලබාදෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ‘උරුමය’ ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනේදී ඉදිරියේදී මෙම ජනතාවට ඉඩමේ හිමිකම සහිත ඔප්පුවක් ලබාදීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මෙහිදී අවධාරණය කරන ලදි.
මෙම අවස්ථාව සදහා විල්ගමුව ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද, ප්‍රදේශයේ ගෞරවණීය මහා සංඝරත්නය ද සහභාගී වූහ.