වලංගු බලපත් නොමැතිව අලෙවි කිරීම සඳහා සූදානම් කල වේදනා නාශක ඖෂධ පෙති පන්දහස් තිස් තුනක (5033) තොගයක් ළඟ තබා ගෙන සිටි සැකකරුවෙක්ව අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කල්මුණේ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
ඒ අනුව, ගිණිකොන නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායු ආයතනය, පෙරියනීලවනෙයි පොලීසිය හා එක්ව, ඊයේ(04) කල්මුණේ ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී එම නිවස තුළ වලංගු බලපත් නොමැතිව අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වේදනා නාශක ඖෂධ පෙති පන්දහස් තිස් තුනක (5033) තොගයක් සමඟ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන් කෙරේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 63 ක් වන කල්මුණේ, මරදමුනෙයි 6 ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ වේදනා නාශක ඖෂධ පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්මුණේ ආහාර හා ඖෂධ පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.