Home » බොරලැස්ගමුවේ දී සිදු වූ ඝාතනයක සුළ මුළ හෙළි වෙයි

බොරලැස්ගමුවේ දී සිදු වූ ඝාතනයක සුළ මුළ හෙළි වෙයි

by yasara
April 5, 2024 12:30 pm 0 comment

බොරලැස්ගමුව  දේවාල මුල්ලේදි  පෙදෙරේරුවෙකුගේ ගෙලට මන්නයකින් පහරදී ඝාතනය කර පළා ගිය සැකකරු පානදුර හිරන නිව්ඩාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුද පෙදරේරුවකු බව පොලිසිය පවසයි

සැකකරු සමග  ඝාතනය සඳහා යොදා ගත් මන්නා පිහිය සහ ඝාතනය සිදුකිරීම සඳහා  ගමන් ගත් යතුරු පැදිය ද පොලිස් භාරයට ගෙන ඇත

ඝාතනයට ලක්වූයේ  බොරලැස්ගමුව  විහාර මාවතේ තාවකාලිකව පදිංචිව සිටි මාතර කඹුරුපිටියේ ප්‍රදේශයේ පදිංචි එම් කේ ඉන්දික ලක්මාල් නමැති 38 හැවිරිදි  අවිවාහක පුද්ගලයෙකි

ඝාතනයට ලක් වූ පුද්ගලයා ඉකුත් 2 වැනිදා   රාත්‍රී 9,15 ට පමණ දෙහිවල ප්‍රදේශයේ හිතවත් ව්‍යාපාරික යුවළක් සමග  ඔහුට අයත් තීරෝද රථයෙන් කුකුල් මස් මිලදී ගැනීම සඳහා දේවාල- මුල්ල මස් වෙළඳසැලකට පැමිණ සිටියදී මෙම මන්නා පහරට ලක් වී තිබිනි

ව්‍යාපාරික   යුවළ මස් වෙළඳසැල කරා ගොස් සිටියදී ඝාතනයට ලක් වූ පුද්ගලයා ත්‍රී රෝද රථයෙන් බිමට බැස සිට ඇති අතර එම අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණ තිබූ සැකකරු මන්නා පහර කීපයක් ඔහුගේ ගෙල ප්‍රදේශයට එල්ල කර පලා ගොස් තිබිණි

බොරලැස්ගමුව පොලිසියේ    අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත ප්‍රසාද්  දල්පදාදු මහතා ඇතුළු නිලධාරීන්සැකකරු ඝාතනයට පැමිණි යතුරුපැදියේ ලියාපදිංචි අංකය ඔස්සේ විමර්ශන පවත්වා  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

ඝාතනය සඳහා යොදා ගත් මන්නා පිහියපිරිවෙන පාරේ කානුවකට විසිකර දමා තිබියදී සැකකරුගේ ප්‍රකාශ මත පොලිසිය මගින් සොයාගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඝාතනය කරන ලද පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ  වසර 15ක පමණ කාලයක සිට  අනියම් සබඳතාවය ක් පවත්වා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

පසුගිය මස 22 වෙනි දින සැකකරුගේ බිරිඳ නිවසින් පිටවී ගොස් ඇති අතර  ඇය මරණකරු සමඟ ගත කරන බවට ඇතිවූ සැකයෙන්  හා වයස අවුරුදු 17 හා 24  වයස් සීමාවල ගැහැණු දරුවන් තිදෙනා ට සමාජයෙන් වන අවමන් දරාගත නොහැකිව  මරණකරු එන පෙරමග බෙල්ලන්තර හන්දියේ සිට බලාගෙන සිට තීරෝද රථයේ පිටුපසින් යතුරුපැදිය පදවාගෙන පැමිණ ඝාතනය සිදුකළ බව සැකකරු පොලිසිය හමුවේ සිදු කළ පාපෝච්චාරණයකින් අනාවරණය වී ඇත

ඒ සඳහා සැකකරු අඟල් 18 ක්  දිග මාළු කපන මන්නා පිහිය යොදාගෙන තිබූ බව සැකකරුගෙන් වැඩිදුරටත් අනාවරණය වී ඇත

සැකකරු   ඝාතනය සිදුකර  නැවත නිවස කරා යාමේදී යතුරුපැදිය බොරලැස්ගමුව  අභයරත්න මාවතේදී විදුලි කණුවක ගැටුණු බවත්  පානදුර හිරන නිව්ඩාව නිවසට ගොස් යතුරුපැදිය එහි දමා

ගෝනපොළ ඔළබොඩුව බිරිඳගේ නිවසට ගිය බව සැකකරු වැඩිදුරටත් පවසා ඇත

49 හැවිරිදි සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

බොරලැස්ගමුව  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත ප්‍රසාද්  දල්පදාදු  මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන පවත්වයි

 

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT