378
පාදුක්ක – කොළඹ මාර්ගයේ පාදුක්ක ප්‍රාදේශීය රෝහල අසල සිට ලියන්වල දක්වා කොටසෙහි සිදුවන මාර්ග අනතුරු පිළිබඳ පසුගියදා පළ කළ පුවතට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (04) දින නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී අදාළ අනතුරු බහුල මාර්ග කොටසෙහි මාර්ග වේග බාධක කිහිපයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තීරණය කෙරිණි.
එම වේග බාධකවලට අමතරව එම මාර්ග කොටසෙහි විදුලි ආලෝක පද්ධතිය සක්‍රිය කරන ලෙස ද ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පීරිස් අත්තිඩිය මහතා ද එක්විය.