Thursday, May 15, 2025
Home » අශාන් මධුරංග ඝාතනය කළ සැකකරු ඩෝබිවත්ත පොදු වැසිකිළියකදී මාට්ටු

අශාන් මධුරංග ඝාතනය කළ සැකකරු ඩෝබිවත්ත පොදු වැසිකිළියකදී මාට්ටු

අත්බෝම්බයක් සහ කඩු හතරක් ද අත්අඩංගුවට

by mahesh
April 5, 2024 1:00 am 0 comment

සමීර අබේසිංහ - නුගේගොඩ සමූහ බිමල් ජයසිංහ - බණ්ඩාරගම

ඉකුත් මාර්තු මාසයේ මට්ටක්කුලිය පොලිස් වසමේදී ඝාතනයට ලක්වූ අශාන් මධුරංග නොහොත් Òවිරාජ්Ó නමැති පුද්ගලයාට වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදිය පැදවූ අය පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරමින් සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් හට බුද්ධි අංශ නිලධාරීන් හා පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන් ලද තොරතුරක් මත සේදවත්ත ප්‍රදේශයේ පිහිටි ඩෝබිවත්ත පොදු වැසිකිළිය අසල රැඳී සිටි සැකකරු අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් සමඟ අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂාවේදී ජීව අත්බෝම්බයක් සහ අපරාධ සඳහා යොදාගත් තියුණු මන්නා දෙකක් මෙන්ම කඩු දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරු සම්බන්ධයෙන් cctv දර්ශන උපයෝගී කර ගනිමින් විමර්ශන සිදු කිරීමේදී ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් තවත් පසු පැදිකරුවෙකු සමඟ පැමිණ පුද්ගලයෙකුට වෙඩි තබා පලායන ආකාරය පිළිබඳව ලද රූප රාමු මත මෙම පුද්ගලයා හඳුනාගත් බවත් එම රූප රාමුවල දිස්වන ආකාරයට සැකකරු කොණ්ඩය තඹ පැහැයෙන් වර්ණ ගන්වා තිබූ බවත් ඉන්පසු ඔහු පිළිබඳව පොලිස් නිලධාරීන් විසින් විමර්ශන සිදු කරන බවට දැනගත් විගස කොණ්ඩයේ පාට හා පෙනුම වෙනස් කර සාමාන්‍ය කළු පැහැයට හරවා තිබූ බැවින් සැකකරු අඳුනා ගැනීමට අපහසු වූ බවත් බුද්ධි අංශ නිලධාරීන්ගෙන් හා පුද්ගලික ඔත්තුකරුවන්ගෙන් සැකකරු පිළිබඳව ලද ජීවදත්ත තොරතුරු මත ඩෝබිවත්ත පොදු වැසිකිළිය ආසන්නයේ රැඳී සිටින බවට ලද තොරතුරු මත සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

දුම්රිය පටුමග, බ්ලූමැන්ඩල් පාර, කොළඹ15 ලිපිනයේ පදිංචි සැකකරු කසුන් ප්‍රභාත් නොහොත් සේදවත්තේ Òකස්සාÓ නමැති අනවර්ථනාමයෙන් පෙනී සිටින 25 වන වියේ පසුවන අයෙක් බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

අපරාධ කොට්ඨාසය වෙත සැකකරු රැගෙන විත් සිදු කළ දීර්ඝ විමර්ශනයේදී සේදවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ තියුණු ආයුධ සහ ජීව අත්බෝම්බය සොයාගත් බවත් මිනිස් ඝාතන හා පහරදීම් වැනි අපරාධ ක්‍රියාවන් රැසකට සම්බන්ධ සැකකරුවෙක් බවත් අනාවරණය කර ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි.

සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රඳවා ගැනීමේ නියෝග ලබා ගනිමින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හා පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ සෘජු අධීක්ෂණය මත එම කොට්ඨාසයේ ස්ථානාධිපති ඇනස්ලම් ද සිල්වා මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක චතුරංග, උප පොලිස් පරීක්ෂක ප්‍රියමාන්ත, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර යන නිලධාරීන් ඇතුළු විවිධ ඒකකයන්හි නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT