375
දකුණුලක නමගිය පාසල් ද්විත්වයක් වන හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විදුහල සහ දෙබරවැව ජාතික පාසල අතර ‘රුහුණු සුලෝහිත සංග්‍රාමය‘ වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය හෙට (6) වීරකැටිය ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දෙවැන වරට සංවිධාන වන මේ ක්‍රිකට් තරගයට සමගාමීව එදින රාත්‍රිය ‘මෙරූන්ස් නයිට්’ නමින් ගීතවත් සංගීතමය රාත්‍රියක් ද සංවිධාන කර ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ක්‍රිකට් ක්‍රීඩාව ඔප්නැන්වීම සඳහා මහත් රුකුලක් වන මේ පාසල් ද්විත්වයේ සටන නැරඹීමට රට පුරා විසිර සිටින ආදී සිසුන්ට සංවිධායක මණ්ඩලය ආරාධනා කර සිටී.

වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විදුහල