විසි වසරක උරුමයක් සහිත සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA දියත් කළ කාන්තා ව්‍යවසායකත්වය හා කුසලතා සංවර්ධනය පිළිබඳ පුහුණු සැසි ඇතුළත් ‘DIVA දෑතට දිරියක්’ වැඩසටහන් මාලාවේ ගාල්ල වැඩසටහනෙහි ජයග්‍රාහිකාවන්, 2024 පෙබරවාරි 28වන දින සම්මානයට පාත්‍ර විය. මෙම වැඩසටහන කාන්තා ව්‍යවසායකත්වය සහ කුසලතා වැඩි දියුණු කිරීම කේන්ද්‍ර කරගත් පුළුල් පුහුණු සැසි ආවරණය කරන ලද අතර, Women in Management (WIM) ආයතනය සමග එක්ව පවත්වන ලදී. පූර්ණ ඇගයීම් ක්‍රියාවලියකින් පසු, ඉහළම ප්‍රගතියක් ලබා ඇති ව්‍යවසායිකාවන් සිව් දෙනෙකුට මෙම උත්සවයේදී මුදල් ත්‍යාග ප්‍රදානය කරන ලදී. මෙරට ආර්ථික අර්බුදයේ පීඩනය සෑම දෙනාටම තදින් දැනෙන කාල වකවානුවක, ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ගේ නිරත වන්නන්, නිවසේ ආර්ථිකය නගා සිටුවන්නට සවියක් වෙමින්, රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට දායක වීමේ කැපී පෙනෙන ප්‍රවණතාවක් දක්නට ලැබිණි. මේ කාලය තුළ ගෘහණියන් සිය පවුලට ශක්තියක් වෙමින් ව්‍යවසායිකාවන් බවට පරිවර්තනය වීම ද කැපී පෙනිණි. සාම්ප්‍රදායික ගෘහණියකගේ භූමිකාවෙන් බැහැරව, මැහුම් ගෙතුම්, ආහාර පාන, අත්කම් නිර්මාණ ආදී තමා සතු දක්ෂතා තුළින්ම පවුලේ ආර්ථිකය සවිමත් කරන්නට කටයුතු කරමින්, ශ්‍රම බළකායේ කොටසක් ලෙස ජාතික ආර්ථිකයට ශක්තිය සැපයීමට ඔවුන් කාන්තා ව්‍යවසායිකාවන් ලෙස ඉදිරි පියවරක් තැබීම ඉතා වටිනා පරිවර්තනයකි. කාන්තා ව්‍යවසායිකාවන්ගේ මෙම අප්‍රහිත ධෛර්යය පිළිබඳ හොඳින් අවබෝධ කර ගන්නා DIVA, ව්‍යාපාර කිරීම සඳහා ඔවුන් සතු දැනුම, කුසලතා හා හැකියාවන් තවදුරටත් ඔප් නංවා ගැනීමට වෘත්තීමය මාර්ගෝපදේශනය, වෘත්තීය කුසලතා, මූල්‍ය සහයෝගය හා ඩිජිටල් සාක්ෂරතාව සැපයීම අරමුණු කර ගනිමින් DIVA දෑතට දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරන ලදී. DIVA දෑතට දිරියක් වැඩසටහන ඔස්සේ ව්‍යාපාර ආරම්භය, ඒවා ක්‍රමානුකූලව පවත්වා ගැනීම, අලෙවිය මේ යනාදිය සඳහා අවශ්‍ය දැනුම, කුසලතා ලබා දීම තුළින් කාන්තා ව්‍යවසායකයන් හට ආත්ම විශ්වාසයෙන් යුතුව තම ව්‍යාපාර සිදු කිරීමට ශක්තියක් වෙයි. ඇතැම් කාන්තාවන්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක්, දැනුමක් හෝ සහයෝගයක් නොලැබීමේ සංවේදී කාරණය වටහා ගන්නා DIVA, DIVA දෑතට දිරියක් වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ දක්‍ෂ කාන්තා ව්‍යවසායකයින්ට අත්වැලක් සැපයීමට අරමුණු කරයි.
‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි ගාල්ල වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි
by damith
April 6, 2024 1:08 am
0 comment
361
මීලඟ පුවත