Home » පෙරේරා ඇන්ඩ් සන්ස් ‘මනු මෙහෙවරෙන්’ ජනතාවට ජල පහසුකම්

පෙරේරා ඇන්ඩ් සන්ස් ‘මනු මෙහෙවරෙන්’ ජනතාවට ජල පහසුකම්

by damith
April 6, 2024 1:07 am 0 comment

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම අවන්හල් ජාලයක් වන, වසර 120කට අධික සාඩම්බර ඉතිහාසයක් හිමි පෙරේරා ඇන්ඩ් සන්ස් (පුද්) බේකරි සමාගම [Perera & Sons Bakers (Private) Limited (P &S)] තම ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘මනු මෙහෙවර’ යටතේ පසුගියදා තවත් සමාජ සත්කාරයක් සිදු කළේ ය. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පහළ කෝන්කඳවල, වීරපොකුණ ග්‍රාමයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණින් Reverse Osmosis (RO) යන්ත්‍රාගාරයක් පරිත්‍යාග කරන ලදි. ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, පෙරේරා ඇන්ඩ් සන්ස්(පුද්.) බේකරි සමාගම සමඟ අත්වැල් බැඳ ගෙන තිබේ. පිරිසිදු පානීය ජලය හිඟකම යනු ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව බහුලව මුහුණදෙන ගැටලුවකි. මෙම පරිත්‍යාගය, එම ගැටලුව අවම කිරීම සඳහා P & S ගන්නා උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. මෙම යන්ත්‍රාගාරය මඟින් 1,000 කට අධික පිරිසකට තම දෛනික පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වනු ඇත. මීට පෙර P & S මනු මෙහෙවර මඟින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහලටද RO යන්ත්‍රාගාරයක් ලබා දීමට පියවර ගෙන තිබිණි.P & S කළමනාකාර අධ්‍යක්ෂ ගිහාන් පෙරේරා මහතා, මෙම වැඩසටහනට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නාවික හමුදාවට සිය ස්තුතිය පළ කළ අතර, ඔහු විසින් මෙසේද අදහස් දක්වන ලදි. “මෙය ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් අප දරන ප්‍රයත්නයන්හි නවතම පියවර ලෙස හැඳින්වීමට පුළුවන්. මේ ජනතාවගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇතිකිරීමට මෙලෙස දායක වීමට හැකි වීම අපට මහත් ගෞරවයක්. එමෙන්ම මෙම ප්‍රජා සත්කාරය, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අතර 6 වන ඉලක්කය වන ‘පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව’ යන්නට සමගාමී මෙහෙවරක් බව සතුටින් සිහිපත් කිරීමට කැමතියි. ඉදිරියටත් මෙවැනි ප්‍රජා සත්කාරයන් ඔස්සේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවීමට අප බලාපොරොත්තු වනවා.” පෙරේරා ඇන්ඩ් සන්ස් බේකරි සමාගම ක්‍රියාවට නංවා ඇති ‘මනු මෙහෙවර’ වැඩසටහන යටතේ අධ්‍යාපනය, සෞඛ්‍යය, පාරිසරික තිරසරත්වය සහ සමාජ සුබසාධනය ඇතුළු අංශ රැසක් ආවරණය වේ. 1902 වසරේදී ආරම්භ වූ එම සමාගම, ප්‍රණීත ආහාරපාන මෙන්ම නොසැලෙන සමාජ මෙහෙවර තුළින් රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවුණු සාඩම්බර දේශීය සන්නාමයක් වශයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනා ගැනීමට සමත් වී සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT