Ceylon Cold Stores (Elephant House), United States Agency for International Development (USAID), සහ Viridis Recycling යන ආයතන එක්ව, ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ද්‍රව්‍ය එක් රැස් කිරීමේ නිරතව සිටින කාන්තාවන් ආර්ථිකය ශක්තිමත් කිරීමට දක්වන දායකත්වය මෙන්ම එම කාන්තාවන් විසින් මෙරට පරිසරය වෙනුවෙන් සිදු කරනු ලබන සේවාව ඇගැයීම වෙනුවෙන් සැමරුම් වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. මඩකලපුව සෙල්වනායගම් අනුස්මරණ ශාලාවේ දී පැවැත්වුණු මෙම වැඩසටහන අතරතුර දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කාන්තාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් නිර්මාණය කළ, ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ප්ලාස්ටික් එකතු කරන්නන්ගේ ජාලය සහ එම ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ද්‍රව්‍ය එක් රැස් කිරීමේ මධ්‍යස්ථානය (MRF) පිහිටුවීම සනිටුහන් කෙරුණි. මෙම උත්සවයට අෙමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී ඩග්ලස් ඊ. සොනෙක්, නැඟෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ. එමෙන් ම මෙම උත්සවය ආරම්භ වීමට පෙර ‘අපද්‍රව්‍ය මුදල් බවට පරිවර්තනය කර ගනිමු’ යන තේමාව යටතේ පසු භාවිත ප්ලාස්ටික් එකතු කිරීමේ වැඩසටහනක් සහ වීදි නාට්‍ය සංදර්ශනයක් ද පැවැත්විණි. අපද්‍රව්‍ය එකතු කිරීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ඒ හරහා පසු භාවිත ප්ලාස්ටික් මඟින් පරිසරය වෙත සිදු වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණු කරමින්, Elephant House සමාගම විසින් ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමෙහි නිරත වෘත්තිකයින් වෙත විද්‍යුත් බයිසිකල් පිරිනැමීම ද මෙම වැඩසටහනේ දී සිදු කෙරිණි. මෙහි දී අදහස් දැක්වූ John Keells Holdings සමූහයේ පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා ප්‍රකාශ කළේ, “මෙම විද්‍යුත් බයිසිකල් පිරිනැමීම හරහා, පරිසරය සුරක්ෂිත කිරීම සහ ජනතාව සවි බල ගැන්වීම වෙනුවෙන් නව්‍යෝත්පාදන විසඳුමක් ඉදිරිපත් කිරීමට අපගේ ඇති කැපවීම පිළිබිඹු කරනවා. එමෙන්ම කාව්‍යා ‘ ස්වයං සංවර්ධන කාන්තා මධ්‍යස්ථානය සමඟ අත්වැල් බැඳ ගනිමින්, ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම හරහා අපගේ පාරිසරික, සාමාජීය හා යහපාලන (ESG) ඉලක්ක සාක්ෂාත් කර ගැනීමටත් අපි නිරන්තරයෙන් කැප වෙනවා.” යනුවෙනි.
147