ලොවට ජීවය දෙන සූර්යයා ප්‍රමුඛ කොට ගනිමින් සමරන සිංහල – දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට එකසේ වැදගත් වන සංස්කෘතික මංගල්‍යයකි.
සිරිත් – විරිත්වලට මුල් තැන දෙන සංස්කෘතියකින් පෝෂණය වෙමින් මානව හා පාරිසරික බැඳීම් අලුත් කරන සිංහල – දෙමළ අලුත් අවුරුද්දේ තමන්ගේ මෙන්ම තම ආදරණීයයන්ගේ ද අවශ්‍යතා වෙනුවෙන් මුල්තැන ලබා දීමට සෑම දෙනාම කටයුතු කරති. එවන් සුභවාදී අරමුණකින් යුක්තව යමක් නැවත නැවත සිදු කරයි නම් එය ‘සිරිතක්’ ලෙස අරුත් ගැන්විය හැකිය. පුරා දශකයකට වැඩි කාලයක් තිස්සේ උත්සව සමය වෙනුවෙන් තම ගනුදෙනුකරුවන් වෙත අසමසම වට්ටම් ගෙන එන සම්පත් කාඩ්ස්හි නිරන්තර කැපවීම සිරිතක් බවට පත් වන්නේද එහෙයිනි.
ඒ ‘සම්පත් සිරිත’යි. වෙසෙසින්ම වගකීමක් ඇති තේරීමක් ලෙස සිය පාරිභෝගික අවශ්‍යතා පහසුවෙන් සපුරා ගැනීමේ අවස්ථාව නොපිරිහෙලා ඉටු කර දෙන සම්පත් කාඩ්ස් මේ අවුරුදු සමයේදීද ශ්‍රී ලංකාව පුරා හවුල්කරුවන් සමඟ එක් වෙමින් සිය ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී ප්‍රතිලාභ ලබා දීමට සැලසුම් කර ඇත්තේ අවුරුදු සැමරුමේ ‘සම්පත් සිරිත’ තවදුරටත් යථාර්ථයක් බවට පත් කරමිනි.
මේ උත්සව සමයේදී සිය ගනුදෙනුකරුවන් වෙත මහත් අස්වැසිල්ලක් ගෙන ඒමට කටයුතු කර ඇති ‘සම්පත් සිරිත’ ඔවුන්ගේ සතුට බෙදා හදා ගැනීමේ වටිනාම සිරිත බවට පත්වනු නිසැකය.සෑම උත්සව සමයකදීම සම්පත්කාඩ් හිමියන් වෙත විශේෂ වට්ටම් යටතේ භාණ්ඩ හා සේවා සපයා ගැනීමේ පහසුකම ලබා දෙන සම්පත් කාඩ්ස් මෙවර උත්සව සමයේදීද තෝරාගත් අලෙවිසැල් මඟින් ලබා ගන්නා ඇඳුම් පැලඳුම් සඳහා 25%ක් දක්වාද, ආභරණ සඳහා 50%ක් දක්වා වට්ටම් සමඟින් පොලී රහිත පහසු ගෙවීමේ අවස්ථාව උදාකර දී ඇත්තේ අලුත් ඇඳුමක් මිලදී ගැනීමේ සිරිත, ‘සම්පත් සිරිත’ සමඟ එක් කරමින් හා නව වසරේ සතුට ඔවුන් වෙත තිළිණ කරමිනි.
තවද සම්පත් කාඩ්ස් සමඟ කටයුතු කරන අලෙවිසැල් තුළින් මිලදී ගන්නා පාවහන් සඳහා 25%ක් දක්වාද, අත් ඔරලෝසු, සුවඳ විලවුන් හා රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා 30%ක් දක්වාද, කුඩා දරුවන් හා ළමයින්ගේ ඇඳුම් සහ තෑගි භාණ්ඩ සඳහා 25%ක් දක්වාද වට්ටම් හිමි කර දීමට කටයුතු කර ඇති සම්පත් කාඩ්ස් පොත් පත් සඳහා 30%ක් දක්වා වට්ටම්ද, ගෘහ හා විදුලි උපකරණ මිලදී ගැනීමේදී මාස 40ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ අවස්ථාවද මේ උත්සව සමයේදී සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් උදා කර දී ඇත. තවද සුපිරි වෙළෙඳසැල් තුළින් භාණ්ඩ මිලදී ගැනීමේදී 30%ක් දක්වා වට්ටම් හිමි කරදීමට කටයුතු යොදා ඇති සම්පත් කාඩ්ස් ඇස් කණ්ණාඩි හා ශ්‍රවණාධාර මිලදී ගැනීමේදී 50%ක් දක්වා වට්ටම් ද හිමි කර දීමටද සූදානම්ව සිටියි. ඊට අමතරව රථවාහන සේවා, අධ්‍යාපන, රෝහල් හා රක්ෂණ ගෙවීම් සඳහා පහසු ගෙවීමේ සැලසුම් ලබා ගැනීමේ අවස්ථාව ද මේ උත්සව සමයේදී කාඩ්පත් හිමියන් හට උදාකර ගත හැකිය.