Home » ප්‍රශ්න­වල නොදුටු පැති සොයා යන මාධ්‍ය ගවේ­ෂක – චරිත ධනං­ජය බමු­ණු­හේන්ද්‍ර

ප්‍රශ්න­වල නොදුටු පැති සොයා යන මාධ්‍ය ගවේ­ෂක – චරිත ධනං­ජය බමු­ණු­හේන්ද්‍ර

by damith
April 6, 2024 1:07 am 0 comment

නුවන් මහේෂ් ජය­වි­ක්‍රම

චරිත ධනං­ජය බමු­ණු­හේන්ද්‍ර රූප­වා­හිනී ප්‍රේක්ෂ­ක­යන්ට අමු­ත්තෙක් නොවේ. මෙරට ප්‍රකට නාළිකා ගණ­නා­ව­කම, ප්‍රවෘත්ති නිවේ­ද­ක­යෙක්, ප්‍රවෘත්ති හා කාලීන වැඩ­ස­ට­හන් නිෂ්පා­ද­ක­ව­ර­යෙක් ආදී නිවේ­ද­නයේ, ගවේ­ෂ­ණා­ත්මක පුවත්, සඟ­රා­මය වැඩ­ස­ට­හන් නිෂ්පා­ද­න­යේදී විවිධ භූමිකා කෙරෙන් අප හමු­වන චරිත දේශීය වශ­යෙන් නොමඳ සම්මාන, ඇග­යී­ම්ව­ලින් පිදුම් ලැබූ­වෙක්. දැන් ස්වාධීන රූප­වා­හි­නි­යෙන් අප හමු­වන ඔහු මෙරට රූප­වා­හිනී සම්මාන උලෙ­ළ­ව­ලදී සම්මා­න­යෙන් පිදුම් ලැබූ වාර බොහො­ම­යකි.

හොඳම රූප­වා­හිනී නිවේ­දක, ඇතුළු තුරුණු ශක්ති, ජාතික යෞවන සම්මාන ආදිය ඊට අයත්ය. එසේම, ඒ සඳහා තවත් බොහෝ රූප­වා­හිනී සම්මාන උලෙ­ළ­ව­ලදී නිර්දේශ වූ චරිත වඩාත් කතා­බ­හට ලක් වන්නේ ගවේ­ෂ­ණා­ත්මක වැඩ­ස­ට­හන් නිෂ්පා­ද­න­යට දක්වන රුචි­ක­ත්වය නිසාය. මේ වස­රේ­දීත් මෙරට ප්‍රකට රූප­වා­හිනී සම්මාන උලෙ­ළ­ව­ලදී විශි­ෂ්ට­තම කාලීන ප්‍රවෘත්ති වාර්තා­ක­ර­ණ­යට හිමි සම්මා­න­යෙන් පිදුම් ලැබූ චරිත ඉකුත් 2022 වස­රේදී ජන­මාධ්‍ය ඔස්සේ වාර්තා කළ කාගේත් අව­ධා­නය යොමු වූ එක් සිද්ධි­යක් පිළි­බඳ දිගින් දිග­ටම තොර­තුරු සොයා ගියේය. ඒ අන් කිසි­වක් නොව, මෙරට එක් ප්‍රකට රාජ්‍ය විශ්ව­වි­ද්‍යා­ල­යක සිසු සිසු­වි­යන් ගණ­නා­වක්ම කෙටි කලක් තුළදී සිය­දිවි නසා ගැනීම පිළි­බ­ඳය. අපි දැන් ඔහු­ගෙන්ම එහි වග­තුග විම­සමු.

‘ මං පුව­ත්පත් ඇතුළු ජන­මාධ්‍ය ඔස්සේ ඒ විශ්ව­වි­ද්‍යාල සිසු සිසු­වි­යන්ගේ දිවි නසා ගැනී­ම්ව­ලට අදාළ සිද්ධි දැක්කා. මේ රටේ මහ­ජන මුද­ලෙන් ඉගෙන ගෙන, රටට සේවය කර­න්නට සිටින මේ තරුණ ජීවිත මේ විදි­හට නිර­ප­රාදේ වැන­සීම ගැන කවු­රුත් කන­ගා­ටු­වෙන් බලන බවත් මට පෙනුණා. ඒ සම­හරු මනෝ විද්‍යාව උගත් සහ එහි ප්‍රවී­ණ­තා­වක් ලද තැනැ­ත්තන් වීම මේ ගැට­ලුව වඩාත් තීව්‍ර කර­න්නක්. ඒ අනුව මේ ඇසු­රෙන් රූප­වා­හිනී වැඩ­ස­ට­හ­නක් නිෂ්පා­ද­න­යට අපි ස්වාධීන රූප­වා­හි­නිය විදි­හට එක­ඟ­තා­ව­කට එළැ­ඹුණා.

කතාවේ සැඟ­වුණු පැති සෙවීම මුලින්, මේ පිළි­බඳ දුර­ක­තන මාර්ග­යෙන් අදාළ විශ්ව­වි­ද්‍යා­ලයේ ඉහළ නිල­ධා­රි­න්ගෙන් තොර­තුරු විමසා බැලුවා. ඒ අනුව මේ පිටු­පස වෙනම කතා­වක් ඇති බව අපට වැට­හුණා. එය අති­ශය මානු­ෂික වන්නක් බවත් පෙනී ගියා. තව­දු­ර­ටත් මෙවැනි ඛේද­වා­ච­ක­ව­ලට අපේම තරුණ පර­පුර යොමු නොවන තැනට මේ ඇත්ත ගැටලු සහ ඊට විස­ඳුම් ඉදි­රි­පත් කරන්න පුළු­වන් නම්, උගත්, බුද්ධි­මත් තරුණ පර­පුර වටිනා ජීවි­ත­යත් රැක ගනි­මින් තම­න්ගේත් රටේත් අනා­ග­තය සාර්ථක කර ගැනී­මට කට­යුතු කරනු ඇතැයි අප බලා­පො­රොත්තු වුණා.

විශේ­ෂ­යෙන්ම, දරා ගැනීමේ ශක්තිය අභි­යෝ­ග­යට ලක් වූ අවස්ථා ඒ ඇතැම් මරණ සමඟ අස­න්නට ලැබුණා.

අනෙක, දැඩි මාන­සික පීඩ­නය. ඒ පීඩාව තර­ම­ක­ට­වත් සංසි­ඳ­වන කලාව, සාහිත්‍ය, විනෝ­දා­ස්වාද, ක්‍රීඩා ආදි­ය­ටත් ඇතැ­මුන් යොමු වී නැති වගත් එම විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය, මනෝ වෛද්‍ය අංශ මඟින් හෙළි කළ විස්තර හරහා හඳු­නා­ගත හැකි වුණා.

ගැටලු නිරා­ක­ර­ණය

මුළු­ම­නින්ම පාහේ අධ්‍ය­යන, විභාග කට­යු­තු­ව­ල­ටම අදාළ සිසුන් වැඩි දෙනකු කාලය වෙන්කර ඇතැයි එවිට හෙළි වුණා. අනෙක, වෛද්‍ය හා උප­දේ­ශන අංශ­ව­ලට එම විශ්ව­වි­ද්‍යා­ලයේ හත්ද­හ­ස­කට ආසන්න සෑම සිසු සිසු­වි­යක් ගැනම, පුද්ග­ලි­කව සොයා බැලීමේ හැකි­යා­වක් කොහෙත්ම නැහැ. මේ අවා­ස­නා­වන්ත ඉර­ණ­මට මුහුණ පෑ ඇතැ­මුන් තමන්ගේ ගැටලු අදාළ අංශ­වල සුදු­සු­කම් ලද්දන්ට ඉදි­රි­පත් කර තිබු­ණේත් නැහැ. තවත් සම­හරු මාන­සික ගැටලු, ආබා­ධ­ව­ලට ප්‍රති­කාර ගත් අය. ඒ කෙසේ වෙතත්, මේ ගැටලු සමා­ජ­යෙන් වසන් කළ යුතු ඒවා නෙවෙයි. ඉදිරි පර­ම්ප­රාවේ දැනු­ම්ව­ත්වීම පිණිස ගැටලු නිරා­ක­ර­ණය කර­ගෙන ඉදි­රි­යට යන ආකා­රය තරුණ පර­පු­රට ඉගැ­න්විය යුතුයි. ඒ වග විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­ප­ති­ව­රයා ඇතුළු ඉහළ නිල­ධා­රින් අව­ධා­ර­ණය කළ කරු­ණක්…’

චරිත, සම්මා­න­යට, කතා­බ­හට ලක් වූ තවත් රූප­වා­හිනී වැඩ­ස­ට­හන් නිෂ්පා­ද­නය කළ, එම නිවේ­දන කට­යුතු කළ අයෙකි. තබ්බෝව මහ වනා­න්ත­රයේ අත­රමං වූ දිවි පැට­වුන්, කොළ­ඹට තදා­සන්න උද්‍යා­න­ය­කදී සර­සවි සිසු­වි­යක එම සර­ස­වියේ සිසු­වි­යක අතින්ම ඝාත­නය වීම ආදිය මින් පෙර ගවේ­ෂ­ණා­ත්මක, කාලීන රූප­වා­හිනී වැඩ­ස­ට­හන් නිර්මා­ණය කර තිබෙ­නවා. ඉදි­රි­යේදී තවත් එවැනි කාලීන, සංවේදී සිදු­වීම් ඇසු­රෙන් රූප­වා­හිනී වැඩ­ස­ට­හන් නිෂ්පා­ද­න­යට අපේක්ෂා කරන බවයි, චරිත ධනං­ජය කියන්නේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT