Home » වම් ඉවුරේ විශි­ෂ්ටයා

වම් ඉවුරේ විශි­ෂ්ටයා

by damith
April 6, 2024 1:08 am 0 comment

ඒ. ඩී. රංජිත් කුමාර

අප්‍රේල් 08 වැනිදාට යෙදෙන සිනමාවේදී වසන්ත ඔබේසේකර ගුණ සමරුව වෙනුවෙන් සැකසුණු ලිපියකි.

වසන්ත ඔබේ­සේ­ක­රගේ” වල්ම­ත්වූවෝ, පළ­ඟැ­ටියෝ සහ දඩ­යම, චිත්‍ර­පට තුනෙන් ඉදි­රි­පත් කෙරෙන සමාජ ප්‍රති­වි­රෝ­ධය නිසැ­ක­යෙන්ම ප්‍රේක්ෂ­කයා වෙත එළ­ඹෙන්නේ ශෝකා­න්ත­යක් හැටි­යට බව ආචාර්ය ධර්ම­සේන පති­රා­ජ­යන් කියා ඇත. මේ චිත්‍ර­පට තුන සින­මා­වට එක්කළ වම් ඉවුරේ මහා සින­මා­ක­රුවා වසන්ත ඔබේ­සේ­කර බව බොහෝ චිත්‍ර­පට විචා­ර­ක­යන්ගේ මත­යයි.

70 දශ­කයේ බම්බ­ල­පි­ටියේ ලෝරිස් පාරේ අංක 15 දරන නිවස කලා­ක­රු­වන්ගේ වාස­භ­ව­නක්ව පැව­තුණි. එය වරෙක ලංකාවේ රංගන ශිල්ප ශිල්පි­නි­යන්, අධ්‍ය­ක්ෂ­ව­රුන්, සංගී­ත­ඥ­යන්ගේ කලා තක්ස­ලා­වකි. ඔවුහු වාද විවාද කරති. වරෙක සණ්ඩු කරති. මිතුරු වෙති. මෙහි ඇති නිවාස දෙක­කම අන්ත දෙකක පරි­ණත විද්ව­තුන් දෙදෙ­නෙක් පදිං­චිව සිටි­යහ. එක් අයෙක් අපේ කතා­නා­යක වසන්ත ඔබේ­සේ­ක­රය. ඔහු මෙරට සිටි අග්‍ර­ගණ්‍ය චිත්‍ර­පට අධ්‍ය­ක්ෂ­ව­ර­යෙකි. අනිත් චරි­තය වස­න්තගේ වැඩි­ම­හල් සොයුරා වූ ජාත්‍ය­න්තර විද්ව­තකු ලෙස සම්භා­ව­නා­වට පත් ලෝකයේ වෙසෙන ශ්‍රේෂ්ඨ මානව හා සමාජ විද්‍යා­ඥ­යකු ලෙස ප්‍රකට මහා­චාර්ය ගණ­නාථ ඔබේ­සේ­ක­රය. සින­මා­වට සම්බන්ධ කලා­ක­රු­වන්, වසන්ත සොයා එන අතර ගණ­නාථ සොයා එන්නේ සමාජ විද්‍යා­ඥ­යන්, පර්යේ­ෂ­ක­යන්, කඩ­ඉම් පොත්, පුස්ත­කාල පොත්, දුර්ලභ සාහිත්‍ය කෘති එකතු කරන විද්ව­තුන්ය.

කුඩා කල සිටම වසන්ත ඔබේ­සේ­කර සින­මා­වට ඇලුම් කළ අතර තම සහෝ­දර ගණ­නාථ පනහ දශ­කයේ සිංහල චිත්‍ර­පට ගැන නිර්දය විචාර එකල තිබූ ශාස්ත්‍රීය සඟ­රාව වූ “සංස්කෘති”ය සඳහා ලිව්වේය.

වසන්ත ඔබේ­සේ­කර යනු පුව­ත්පත් කලා­වේ­දි­යෙකි. පසුව සහාය චිත්‍ර­පට අධ්‍ය­ක්ෂ­ව­ර­යෙකි. සම තිර­නා­ටක රච­ක­යෙකි. පසුව චිත්‍ර­පට අධ්‍ය­ක්ෂ­ව­ර­යෙක් හා තිර­නා­ටක රච­ක­යෙකි. ඔහු අධ්‍ය­ක්ෂ­ණය කළ වෘතාන්ත චිත්‍ර­පට 13න් වඩාත් විචා­රක අව­ධා­න­යට ලක් වූයේ “වල්මත් වූවෝ, පළ­ගැ­ටියෝ, දඩ­යම, කැඩ­ප­තක ඡායා” යන චිත්‍ර­ප­ටයි.

වසන්ත ඔබේ­සේ­කර උපත ලැබුවේ 1937 දෙසැ­ම්බර් 29 වැනිදා මතු­ගම, මීගම දර්ගා නග­රයේ වෙද නිව­ස­කය. ඔහුගේ පියා වූයේ කොළඹ දේශීය වෛද්‍ය විද්‍යා­ලයේ කථි­කා­චා­ර්ය­ව­ර­ය­කුව සිටි දොන් ඩේවිඩ් ඔබේ­සේ­කර නම් වූ සිංහල වෛද්‍ය­ව­ර­යාය. ඔහු අන­ගා­රික ධර්ම­පා­ල­තු­මාගේ අනු­ගා­මි­ක­යකු විය. ඒ නිසා “දොන් ඩේවිඩ්” නාමය අත­හැර ඩී.ඩී. ඔබේ­සේ­කර නමින් වෛද්‍ය ග්‍රන්ථ­ක­ර­ණයේ යෙදී ඇත. ඔහු ලියූ වෛද්‍ය පොත්පත් අත­රින් 1966 ලියා පළ කළ “අවි­නි­ශ්චිත ඖෂධ” සිංහල වෛද්‍ය ක්ෂේත්‍රයේ වඩාත් කැපී පෙනෙයි. වරක් මම වසන්ත හමු වූ අව­ස්ථා­වක තම පියා ගැන මෙසේ පැවැ­සීය.

“මගේ පියා වෛද්‍ය අංශ­යෙන් පර්යේ­ෂණ කළ අයෙක්. 1954 වසරේ තාත්තා ස්වදේ­ශීය වෛද්‍ය විද්‍යා­ල­යෙන් විශ්‍රාම ගැනීම නිමිති කොට ඒ වෙනු­වෙන් ශිෂ්‍ය­යන් සංවි­ධා­නය කළ උත්ස­ව­යේදී ඉතා උසස් වර්ගයේ පාකර් පෑනක් පිළි­ගන්වා කියා සිටියේ මේ පෑනෙන් “වන ඖෂධ ද්‍රව්‍ය” ගැන පොතක් ලියන ලෙසයි. තාත්තා “රස ශාස්ත්‍ර” හා “අවි­නි­ශ්චිත ඖෂධ” නමින් පොත් දෙකක් ලිව්වා.

මගේ අයියා අමෙ­රි­කාවේ නිව් ජර්සිහි ප්‍රින්ස්ටන් විශ්ව­වි­ද්‍යා­ලයේ මානව විද්‍යාව පිළි­බඳ මහා­චා­ර්ය­ව­ර­යෙක් ලෙස කට­යුතු කර­නවා. ඊට පෙර ලංකා විශ්ව­වි­ද්‍යා­ල­යේත් අමෙ­රි­කාවේ වොෂි­න්ටන් විශ්ව­වි­ද්‍යා­ල­යේත් සැන්ට් ඩියෝගු විශ්ව­වි­ද්‍යා­ල­යේත් මහා­චා­ර්ය­ව­ර­යෙක්ව සිටිය අයියා චිත්‍ර­පට ගැන විශේෂ උන­න්දු­වක් දැක්වුවා. එකල තිබූ 50 දශ­කයේ තිර­ගත වූ සිංහල චිත්‍ර­පට නිර්දය ලෙස විචා­රය කළා. ඔහු හැම­වි­ටම හර­වත් සින­මා­වක් ප්‍රාර්ථනා කළා. ඒ නිසාම හර­වත් සින­මා­වක් වෙනු­වෙන් සිනමා කෘති­යක් කවදා හරි කරන්න මට සිතුණා.

වසන්ත මූලික අධ්‍යා­ප­නය ලැබුවේ මීගොඩ දර්ගා නග­රයේ වළ­ගෙ­දර මහා විද්‍යා­ල­යෙනි. මතු­ගම මධ්‍ය විද්‍යා­ල­යෙන් ද්විතීය අධ්‍යා­ප­නය හැදෑරු ඔහු උසස් අධ්‍යා­ප­නය මහ­ර­ගම විද්‍යා­කර විද්‍යා­ල­යෙන් ලබා පේරා­දෙ­ණිය ලංකා විශ්ව­වි­ද්‍යා­ල­යට තේරී ඉංග්‍රීසි, ඉති­හා­සය, සිංහල විෂ­ය­ය­න්ගෙන් උපා­ධිය ලැබු­වේය. විශ්ව­වි­ද්‍යා­ල­යේදී වසන්ත, සින­මාව පැත්තට ඍජු­වම යොමු කර ඇත්තේ මහා­චාර්ය සිරි ගුණ­සිංහ විසිනි.

“වසන්ත මට චිත්‍ර­ප­ට­යක් කරන්න අව­ස්ථාව ලැබිලා තියෙ­නවා. ගුණ­සේන ගල­ප්ප­ත්තිගේ “මූදු පුත්තු” නාට්‍ය ආශ්‍ර­යෙන් චිත්‍ර­ප­ට­යක් කරමු කියලා ඩොක්ටර් ලීනස් දිසා­නා­ය­ක­ගෙන් යෝජ­නා­වක් ආවා. වසන්ත මට උදව් කරන්න ඕනෑ” කියලා.

“ගලාගේ (ගල­ප්ප­ත්තිගේ) මූදු­පුත්තු තුළින් නම් හොඳ තිර­නා­ට­ක­යක් කරන්න පුළු­වන්” වසන්ත කීවේය. මේ කාලයේ මහා­චාර්ය සිරි (සිරි ගුණ­සිංහ) අමෙ­රි­කාවේ කැලි­ෆෝ­නියා විශ්ව­වි­ද්‍යා­ලයේ සින­මා­ක­ර­ණය හැදෑරු අතර වසන්ත මේ කාලයේ සිනමා මාධ්‍යය ගැන ලිය­වුණු පොත­ප­තත් උසස් විදේශ සිනමා කෘතිත් කියවා තිබුණි. කෙසේ වෙතත් ගුණ­සේන ගල­ප්පත්ති හා මහා­චා­ර්ය­ව­රයා අතර වූ මත­භේද නිසා මූදු පුත්තු සින­මා­වට නැගීම නතර විය. ඒ වෙනු­වට මහා­චාර්ය සිරිගේ වික­ල්ප­යක් ලෙස “සත් සමු­දුර” චිත්‍ර­ප­ටයේ තිර නාට­කය වසන්ත සමඟ එක්ව රචනා කළේය.

සිංහල සින­මාවේ ධීවර පසු­බි­මක් සහිත තේමා­වක රළු ධීව­ර­යන් නැති පවුල් ජීවි­තය, අව්‍යාජ හා සියුම් ලෙස නිරූ­ප­ණය කළ චිත්‍ර­ප­ට­යක් ලෙස “සත් සමු­දුර” විචා­ර­කයෝ අගය කළහ. තරු සංක­ල්පය බැහැර කළ මේ චිත්‍ර­ප­ටය මහා­චාර්ය සිරි ගුණ­සිංහ අධ්‍ය­ක්ෂ­ණය කළ අතර එහි සහය අධ්‍යක්ෂ වූයේ වස­න්තය. මහා­චාර්ය සිරි හා වසන්ත සම තිර­නා­ටක රච­කයෝ වූහ. ශිෂ්‍ය­ත්ව­යක් ලැබ ප්‍රංශ­යට ගොස් වසන්ත සින­මාව ඉගෙන ගත්තේ ඉන්ප­සු­වය. විශ්ව­වි­ද්‍යාල උපා­ධිය ලැබූ වසන්ත, පුව­ත්පත් කලා­වේ­දි­යකු ලෙස 1962 වසරේ ඩේලි නිව්ස් පත්‍ර­යට එක් විය. ඔහු වඩාත් විශේ­ෂතා දක්වා ඇත්තේ සුප්‍ර­කට මිනී­මැ­රුම් ගැන තොර­තුරු සෙවී­ම­ටය. ලේක්හ­වු­සි­යට බැඳී ඩේලි නිව්ස් පුව­ත්පතේ උප කර්තෘ­ව­ර­යකු ලෙස සිටි කාල­යේත් වසන්ත සින­මා­වට තිබූ ආශාව අත හැරියේ නැත. කවදා හෝ චිත්‍ර­ප­ට­යක් අධ්‍ය­ක්ෂ­ණය කිරී­මට නොතිත් ආශා­වෙන් සිටි­යේය. ඔහුගේ ආශාව මුදු­න්පත් කර ගැනී­මට උප­කාර කර ඇත්තේ දොස්තර ලීනස් දිසා­නා­යක, ඔහුගේ පුත් ලාල් දිසා­නා­යක හා සිරිල් වික්‍ර­ම­ගේය. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස 1970 වසරේ ඔහුගේ මුල්ම චිත්‍ර­පට අධ්‍ය­ක්ෂ­ණය වූ “වෙස්ගත්තෝ” බිහි විය. සිරෙන් පැන යන දාම­රි­ක­යන් තිදෙ­නෙකු වටා ගෙතී ඇති මේ චිත්‍ර­ප­ටයේ ඉහළ සමා­ජ­යට නැඟ ගැනී­මට දරන උත්සා­හ­යත් ඔවුන් ටයි­කෝට් ඇඳ සමා­ජ­යට වැද­ග­තුන් ලෙස පෙන්වී­මට ගන්නා හාස්‍ය­ජ­නක සිද්ධීන් මේ චිත්‍ර­ප­ටයේ තේමාව කර ගනී. 1976දී “වල්ම­ත්වූවෝ”, 1977දී “දිය­මන්ති” අධ්‍ය­ක්ෂ­ණය කළ වසන්ත විචා­රක ප්‍රසා­දය දිනා ගත්තේ 1979 “පළ­ගැ­ටියෝ” චිත්‍ර­ප­ට­යෙනි.

ලේක්හ­වු­සියේ වසන්ත හා මා අතර තිබූ සමීප සම්බ­න්ධය නිසා ඔහු තමා සැල­සුම් කර තිබූ අලුත්ම චිත්‍ර­ප­ටය ගැන කැන්ටිමේ තේ බොන අත­ර­වා­රයේ විස්තර කළේය. කල­කට පෙර කඩු­ග­න්නා­වේදී අභි­ර­හස් ලෙස මරා දැමූ රාණි නම් තරු­ණි­යගේ මිනී­මැ­රුම ගැන වසන්ත ආස­ක්තව සිටි­යේය.

මේ කතාව අප අතර ඇති­වුණේ 1973 පම­ණය. වසන්ත තොර­තුරු හඹා ගොස් තිර­නා­ට­කය ලිය­න්නට ඇත. “පළ­ඟැ­ටියෝ” තිර­නා­ට­කය වසන්ත රචනා කළේ ඉන්ප­සු­වය.

වසන්ත වෘතාන්ත චිත්‍ර­පට 13ක් නිර්මා­ණය කළේය. “දඩ­යම”, “කැඩ­ප­තක ඡායා”, “මාරු­තය”, “දොර­කඩ මාරාව”, “තීර්ථ යාත්‍රා”, “සලෙළු වරම”, “අසනි වර්ෂා”, “සෙව්වන්දි”, “ආග­න්තු­කයා” ඔහුගේ සෙසු චිත්‍ර­ප­ටය. මේ අත­රින් “දඩ­යම” සම්මාන රැසක් දිනූ වස­න්තගේ හොඳම චිත්‍ර­ප­ටය විය. ඒ සඳහා ඔහු කොත­රම් මහන්සි වූයේ දැයි වච­න­යෙන් විස්තර කළ නොහැ­කිය.

මෙරට බිහි වූ ප්‍රමුඛ පෙළේ සින­මා­ක­රු­වකු වූ වසන්ත ඔබේ­සේ­කර වම් ඉවුරේ කණ්ඩා­යමේ සින­මා­ක­රු­වකු ලෙස චිත්‍ර­පට විචා­රක රත්න විභූ­ෂණ විසින් මුල්ව­රට හඳුන්වා දෙනු ලැබීය. ඈෂ්ලි විසින් සංස්ක­ර­ණය කළ “සිනෙ­සින්” සිනමා සඟ­රාවේ වසන්ත අගනා කලා­ප­යක් 1993දී පළ කර තිබුණි. වසන්ත ගැන ඉතා අපූරු විග්‍ර­හ­යක් කළ එකම ග්‍රන්ථය වූ “වසන්ත සිරිත” ලියා ඇත්තේ විචා­රක තුසිත ජය­සු­න්දර විසිනි.

වසන්ත අපූර්ව පුද්ග­ල­යෙකි. ඔහු සින­මාව ගැන බොහෝ ඇසූ පිරූ තැන් ඇති විද්ව­තෙකි. ඔහු ඉතා කාරු­ණික, ගුණ­ය­හ­පත් කාටත් උදව් කළ චරි­ත­යක් බව රංජනී ඔබේ­සේ­කර (මහා­චාර්ය ගණ­නාථ ඔබේ­සේ­ක­රගේ බිරිය ප්‍රකට ඉංග්‍රීසි නාට්‍ය නිෂ්පා­දි­කා­වකි. විචාර ග්‍රන්ථ ලියූ ලේඛි­කා­වකි.) පැවැ­සු­වාය. වැඩි­දු­ර­ටත් ඇය මෙසේ ද කීවාය.

“වස­න්තගේ ජීවි­ත­යම සින­මා­වයි. ඔහු සල්ලි, ඉඩ­ක­ඩ­ම්ව­ලට වඩා සින­මා­වට ආද­රය කළා. චිත්‍ර­පට කලාව ඉගෙන ගන්න ප්‍රංශ­යට යන වේලා­වේත් චිත්‍ර­පට හදන්න අවශ්‍ය තැන්ව­ලදී තමාට අයත් මීගම, දර්ගා නග­රයේ ඉඩ­ක­ඩම් විකුණූ අයුරු මට මත­කයි. වස­න්තගේ ලොකු අයියා ගණ­නාථ මගේ සැමියා පේරා­දෙ­ණියේ පදිංචි වෙලා ඉන්නේ. ගණ­නාථ ඇරු­ණු­කොට රෝහිණී නම් අක්කා කෙනෙක් ද තව බාල නංගි කෙනෙක් ද ඉන්නවා. ඇය අනු­ෂියා ඔබේ­සේ­කර, මතු­ගම අධි­කාරි විද්‍යා­ලයේ ගුරු­ව­රි­යක් හැටි­යට ඉඳලා විශ්‍රාම ගත්තා.” රංජිනී මහ­ත්මිය පැවැ­සු­වාය.

විවෘ­තව කතා කරන ඍජු ගති­ගුණ ඇති වසන්ත විවාහ වූයේ ස්වර්ණා ද රොස­යිරෝ සම­ගය. “ඉකෙ­බානා” මල් කලාව ඇතැ­ඹු­ලක් සේ දැන සිටි ස්වර්ණා ප්‍රද­ර්ශන රැසක් පැවැ­ත්වූ­වාය. ඕ ඉතා කාරු­ණික, ගුණ­ය­හ­පත්, බිරි­යක් මවක් වූවාය. වසන්ත හා ස්වර්ණා යුව­ළට අසංග ඔබේ­සේ­කර නම් පුතෙක් ද කනිෂ්කා ඔබේ­සේ­කර නම් දිය­ණි­යක් ද සිටිති. වසන්ත ගැන මේ තොර­තුරු අපට පැවැ­සුවේ බිරි­යගේ සොයු­රිය මහේෂි ගීග­නගේ මහ­ත්මි­යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT