Sunday, May 11, 2025
Home » නව­සී­ල­න්තයේ සිට අපේකම බෙදන නිර්වි­න්දන තාක්ෂ­ණ­වේදියා – සඳුන් කිතු­ලේ­ගොඩ

නව­සී­ල­න්තයේ සිට අපේකම බෙදන නිර්වි­න්දන තාක්ෂ­ණ­වේදියා – සඳුන් කිතු­ලේ­ගොඩ

by damith
April 6, 2024 1:06 am 0 comment

නෙත්මි පුජනී රත්නායක

ලොවෙන් එකෙක් එක් දෙය­කට වෙයි සමත” යන කිය­මන හැම විටම නිවැ­රැදි නොවේ. මා එසේ පව­සන්නේ ක්ෂේත්‍ර කිහි­ප­යක දස්කම් පෙන්වන පුද්ග­ල­යන් ද ඉද­හිට හෝ අපට හමු­වන නිසා ය. එකි­නෙ­කට සම්පූ­ර්ණ­යෙන්ම වෙනස් ක්ෂේත්‍ර කිහි­ප­යක දස්කම් දැක්වී­මට යම් කෙනෙ­කුට හැකි­යාව ඇත්නම් එය ඉතා විරල සිදු­වී­මකි. අපේ කතා නාය­කයා වන සදුන් කිතු­ලේ­ගොඩ ද එවැනි පුද්ග­ල­යෙකි.

සඳුන් කිතු­ලේ­ගොඩ නව­සී­ල­න්තයේ වාසය කරන ශ්‍රී ලාංකි­ක­යෙකි. ඔහුගේ පවුලේ සමී­ප­ත­ම­යන් බොහෝ දෙනෙක් වාසය කරන්නේ ද නව­සී­ල­න්තයේ ය. වසර 36 ක් තිස්සේ නව­සී­ල­න්තයේ ජීවත් වුවද ඔහු තව­මත් ශ්‍රී ලාංකික පුර­වැ­සි­යෙකි. ඔහු මෙරට පුර­වැ­සි­භා­වය අත­හැර එරට පුර­වැ­සි­භා­වය ලබා­ගෙන නැත. එසේ ලබා ගැනීමේ බලා­පො­රො­ත්තු­වක් ද නැත. සඳුන් සෑම වස­ර­කම ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට අම­තක නොක­රයි. එසේ පැමි­ණෙන්නේ හිස් අතින් නොව මෙර­ටට විශාල වටි­නා­ක­මින් යුත් වෛද්‍යා­ධාර තොග­යක් ද රැගෙ­නය. ඒ ඔහු තුළ ඇති දේශ­හි­ත­යි­ශී­භා­වය නිසාය.

දශක තුනක් තිස්සේ ඔහු කොළඹ ජාතික රෝහ­ලට, මහ­නු­වර මහ රෝහ­ලට මෙන්ම මෙරට ප්‍රාදේ­ශීය රෝහල් ගණ­නා­ව­කට උදව් උප­කාර කරයි. කොළඹ ජාතික රෝහ­ලට දැඩි සත්කාර ඇදන් (I.C.U. Beds)33ක් ඔහු මේ වන­විට පරි­ත්‍යාග කර ඇත. මහ­නු­වර මහ රෝහ­ලට නිර්වි­න්දන යන්ත්‍ර (anas thatic mechin) 03ක් පසු­ගිය දා ඔහු පරි­ත්‍යාග කළේය. එම එක් යන්ත්‍ර­යක වටි­නා­කම රුපි­යල් මිලි­යන දෙසී­යක් පමණ වේ. මීට අම­ත­රව නිර්වි­න්දන වෛද්‍ය උප­ක­රණ, ඇද ඇති­රිලි ඇතුළු වෛද්‍යා­දාර රැසක් ඔහු විසින් මෙරට රෝහ­ල්ව­ලට පරි­ත්‍යාග කර ඇත.

සඳුන් කිතු­ලේ­ගොඩ මූලික අධ්‍යා­ප­නය ලබන්නේ කොළඹ තර්ස්ටන් විදු­හ­ලෙනි. ජීව විද්‍යා අංශ­යෙන් උස­ස්පෙළ සමත් ව නව­සී­ල­න්ත­යට යන ඔහු එහිදී නිර්වි­න්දන වෛද්‍ය විද්‍යාව පිළි­බඳ උසස් අධ්‍යා­ප­නය ලබා නිර්වි­න්දන තාක්ෂ­ණ­වේ­දි­යකු ලෙස වෘත්තීය ජීවි­තය අර­ඹ­න්නේය. නව­සී­ල­න්තයේ වෙලි­න්ටන් රෝහලේ නිර්වි­න්දන තාක්ෂ­ණ­වේ­දි­යකු ලෙස වසර 31ක් තිස්සේ සේවය කරන සදුන් මේ වන විට එම රෝහලේ ප්‍රධාන නිර්වි­න්දන තාක්ෂ­ණ­වේ­දි­යාය. (එරට රෝහ­ල්වල නිර්වි­න්දන වෛද්‍ය­ව­රුන් නොමැති අතර ශල්‍ය­ක­ර්ම­ව­ලදී රෝගියා නිර්වි­න්දන කර ශල්‍ය වෛද්‍ය­ව­ර­යාට සහාය ලබා දෙන්නේ නිර්වි­න්දන තාක්ෂ­ණ­වේ­දි­යාය.)

සඳුන් ඇතුළු වෛද්‍ය කණ්ඩා­ය­මක් සෑම වස­ර­කම කොළඹ ජාතික රෝහලේ දී විශේෂ ශල්‍ය වෛද්‍ය සාය­න­යක් පව­ත්වයි. සැබ­වින්ම එය විශාල පුන්‍ය කට­යුත්ත්කි. මුහුණේ සහ ශරී­රයේ විවිධ විරූ­පතා ඇති දරු­වන් කිහිප දෙනෙක් තෝරා ප්ලාස්ටික් ශල්‍ය­කර්ම සිදු කර ඔවුන් සාමාන්‍ය තත්ත්ව­යට පත් කිරීම එම උදාර පුන්‍ය කට­යු­ත්තයි.මෙම ශල්‍ය සාය­නය සඳහා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය­ව­ර­යෙක්, ස්නායු ශල්‍ය වෛද්‍ය­ව­ර­යෙක්, ඇතුළු සිව් දෙනෙ­කු­ගෙන් යුත් කණ්ඩා­ය­මක් මෙර­ටට පැමොණේ. මේ සඳහා වැය­වන සියලු විය­දම් දරන්නේ ද මේ කණ්ඩා­ය­මයි. නව­සී­ල­න්තයේ “ඉන්ට­ර්ප්ලාස්ට්” (interplas t) නමැති සංවි­ධා­නය ද මේ සඳහා සහ­යෝ­ගය දක්වයි. මෙම ශල්‍ය­කර්ම සිදු කරන්නේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ නිසි අව­ස­රය ඇතිව බවත් මේ සඳහා කොළඹ ජාතික රෝහ­ලෙන් ලැබෙන සහ­යෝ­ගය අති­වි­ශිෂ්ඨ බවත් සඳුන් කිතු­ලේ­ගොඩ පව­සයි. මෙම ව්‍යාපෘ­තිය සිදු කරන්නේ ප්ලාස්ටික් සැත්කම් සඳහා අධික විය­ද­මක් දැරී­මට නොහැකි දිළිදු දරු­වන්ට උප­කාර කිරීමේ අර­මු­ණෙන් බවද සදුන් පව­සයි.

ආගම දහ­මට, ශ්‍රී ලාංකික සංස්කෘ­ති­යට, ඉතා ගරු කරන පුද්ග­ල­යෙකු ලෙස ඔහු එරට සිට තවත් වටිනා කට­යු­ත්තක් සිදු කරයි. යුරෝපා රට­වල සිටින තරුණ තරු­ණි­යන්ගේ විවාහ මංගල උත්ස­ව­වල අෂ්ඨක කීම එම විශේෂ කට­යු­ත්තයි. නව­සී­ල­න්ත­යට අම­ත­රව ඇම­රි­කාව, කැන­ඩාව, ඕස්ට්‍රේ­ලි­යාව වැනි රට­වල විවාහ මංග­ල්‍ය­යන් 196 ක පමණ ඔහු මේ වන­විට අෂ්ඨක කියා ඇත. රැකි­යා­වෙන් නිවාඩු ලබා­ගෙන කිසිදු අය කිරී­ම­කින් තොරව මෙම කට­යුත්ත සිදු කරයි.

මීට අම­ත­රව සඳුන් කිතු­ලේ­ගොඩ මාධ්‍ය­වේ­දි­යෙකු ලෙස ද කට­යුතු කර­න්නෙකි. වසර 24ක් තිස්සේ ඔහු විසින් එරට “ලක් හඩ”නමින් ගුවන් විදුලි සේවා­වක් පව­ත්වා­ගෙන ගොස් ඇත. 25 වැනි වසරේ දී එම ගුවන් විදුලි නාලි­කාව එරට වෙසෙන නව පර­පු­රට භාර දීමට ඔහු කට­යුතු කළේය. දශක තුනක් තිස්සේ ඔහු මෙරට පුද්ගලික නාලි­කාවක් ඔස්සේ නව­සී­ල­න්තයේ තොර­තුරු ශ්‍රී ලාංකි­ක­යන්ට සමීප කර­න්නේය.

නව­සී­ල­න්තයේ එක්සත් ශ්‍රී ලංකා සංවි­ධා­න­යට සම්බ­න්ධව වසර 30 ක් තිස්සේ කට­යුතු කරන සඳුන් කිතු­ලේ­ගොඩ එහි සභා­ප­ති­ව­රයා ලෙස වසර 03ක් ද කට­යුතු කර ඇත.

සදුන් කිතු­ලේ­ගො­ඩගේ මෙම උදාර සේවය එරට දී ඉහ­ළම ඇග­යී­මට ලක් වීම ඔහු ජීවි­තයේ ලද විශා­ලම භාග්‍යය බව ඔහු පව­සයි. එරට විවිධ ක්ෂේත්‍ර­වල කට­යුතු කරන විශි­ෂ්ට­යින් ඇග­යී­මට නව­සී­ල­න්තයේ රජය කට­යුතු කරයි. එය සිදු කරන්නේ “Qeen service” නමැති සංවි­ධා­නය හර­හාය. එම සම්ම­නය දෙන්නේ එරට පුර­වැ­සි­භා­වය හිමි අයට පමණි. 2023 වසරේ දී සදුන් කිතු­ලේ­ගොඩ මෙම සම්මා­නය සඳහා තේරී පත් වුණත් ඔහුට එරට පුර­වැ­සි­භා­වය නොමැ­ති­වීම හේතු­වෙන් ගැට­ලු­වක් මතු­විය. එහෙත් එහි සංවි­ධා­ය­ක­යන් ශ්‍රී ලංකා රජ­යෙන් විශේෂ අව­ස­ර­යක් ගෙන ඔහුට එම සම්මා­නය පිරි­නමා ඇත. ඔහුට එය අම­ර­ණීය සිහි­ව­ට­න­යකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT