Home » ඌරු වකු­ග­ඩු­වක් බද්ධ කිරීමේ සාර්ථක සැත්ක­මක් අමෙ­රි­කාවේ

ඌරු වකු­ග­ඩු­වක් බද්ධ කිරීමේ සාර්ථක සැත්ක­මක් අමෙ­රි­කාවේ

by damith
April 6, 2024 1:14 am 0 comment

ඌරු වකු­ග­ඩු­වක් බද්ධ කළ අමෙ­රි­කාවේ බොස්ටන්හි රික් ස්ලේමන් සාර්ථක සැත්ක­මෙන් සති දෙක­කට පසු රෝහ­ලෙන් පිටව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මැස­චු­සෙට්ස් ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ සේව­ක­යකු වන 62 හැවි­රිදි ස්ලේමන් පසු­ගිය වසරේ අග­භා­ග­යේදි වකුගඩු රෝගයේ දරු­ණු­තම අව­ස්ථා­වට මුහුණ පා සිටි අතර, ඌරු වකු­ග­ඩු­වක් ඔහුට බද්ධ කිරී­මට මැස­චු­සෙට්ස් රෝහලේ වෛද්‍ය­වරු තීර­ණය කර තිබිණි. ජාන­මය වශ­යෙන් වෙනස් කරනු ලැබූ එම වකු­ග­ඩුව ස්ලේමන්ට තවත් වසර ගණ­නා­වක් පූර්ණ සෞඛ්‍ය­ස­ම්ප­න්නව ජීව­ත්වී­මට අව­ස්ථාව උදා කරනු ඇතැයි සැත්කම සිදු කළ වෛද්‍ය­ව­රුන්ගේ විශ්වා­සය වී ඇත.

මීට පෙර අවස්ථා තුන­කදී වකු­ගඩු රෝගීන්ට ඌරු වකු­ගඩු බද්ධ කර තිබු­ණද, එය සාර්ථක නොවූ බවත්, මෙවර ස්ලෙමන්ට සිදු කළ වකු­ගඩු සැත්කම මේ වන විටත් සාර්ථක ප්‍රති­ඵල පෙන්නුම් කර ඇති බවත් රෝහල් බල­ධා­රීන් නිවේ­ද­නය කර ඇතැයි වාර්තා වේ. කෙසේ වුවද විවේ­කීව නිවෙසේ කාලය ගත කිරී­මට නිය­මිත ස්ලේමන්ගේ සෞඛ්‍ය තත්ත්වය අඛ­ණ්ඩව නිරී­ක්ෂ­ණය කිරී­මට ද මැස­චු­සෙට්ස් රෝහල් බල­ධා­රින් තීර­ණය කර ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT