Home » චීන ඉංජි­නේ­රු­වන්ට එල්ල වූ බෝම්බ ප්‍රහා­ර­යට පරී­ක්ෂ­ණ­යක් ඕනෑ – චීන රාජ්‍ය­තා­න්ත්‍රි­ක­යෝ

චීන ඉංජි­නේ­රු­වන්ට එල්ල වූ බෝම්බ ප්‍රහා­ර­යට පරී­ක්ෂ­ණ­යක් ඕනෑ – චීන රාජ්‍ය­තා­න්ත්‍රි­ක­යෝ

by damith
April 6, 2024 1:13 am 0 comment

මරා­ගෙන මැරෙන බෝම්බ­ක­රු­වකු වය­ඹ­දිග පාකි­ස්තා­නයේ කයි­බර් පක්ටුන්කා ප්‍රාන්ත­යේදී සිදු කළ ප්‍රහා­ර­ය­කින් චීන ඉංජි­නේ­රු­වන් පස්දෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වීම හේතු­වෙන් එම ප්‍රාන්තයේ චීන අයෝ­ජන ව්‍යාපෘති අව­දා­නම් තත්ත්ව­ය­කට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුපු­රන ද්‍රව්‍ය පැටවූ මෝටර් රථ­යක් චීන ඉංජි­නේ­රු­වන් ගමන් ගත් මෝටර් රථයේ හප්පා එම ප්‍රහා­රය සිදු කර තිබිණි.

මේ ප්‍රහා­රය සම්බ­න්ධව පුළුල් පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර වර­ද­ක­රු­වන්ට දඬු­වම් කරන ලෙසත්, චීන පුර­වැ­සි­යන්ගේ ආර­ක්ෂාව තහ­වුරු කිරී­මට පිය­වර ගන්නා ලෙසත් චීන රාජ්‍ය­තා­න්ත්‍රි­ක­යන් පාකි­ස්තාන රජ­යෙන් ඉල්ලී­මක් කර ඇතැයි ද වාර්තා වේ. වසර 2021 දී තලේ­බාන් සංවි­ධා­නය ඇෆ්ග­නි­ස්තා­නයේ බලය අත්කර ගැනී­මෙන් පසු පළමු වසර දෙක තුළ පම­ණක් පාකි­ස්තා­නයේ ප්‍රහාර 73% කින් ඉහළ ගොස් ඇතැයි ද, ඊට හේතුව තලේ­බාන් සංවි­ධා­නයේ සහාය ලබන පාකි­ස්තා­නයේ ත්‍රස්ත කණ්ඩා­යම් ශක්ති­මත් වීම බව ද වැඩි­දු­ර­ටත් වාර්තා වේ. පසු­ගි­යදා එල්ල වූ මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­රය වසර 2022 අප්‍රේල් මාස­යේදී කරච්චි විශ්ව­වි­ද්‍යා­ලය අස­ලදී සිදු කළ ප්‍රහා­ර­යෙන් පසු චීන ජාති­ක­යන් ඉලක්ක කර එල්ල කර ඇති වඩාත්ම බර­ප­තළ ප්‍රහා­රය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT