Home » හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශා­න්තගේ නි‍ෙවස ගිනි තැබූ බවට චෝදනා ලැබූ 68 දෙනාම නිද­හස්

හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශා­න්තගේ නි‍ෙවස ගිනි තැබූ බවට චෝදනා ලැබූ 68 දෙනාම නිද­හස්

by damith
April 6, 2024 1:04 am 0 comment

පුත්ත­ලම අති­රේක හිරාන් ප්‍රියං­කර ජය­සිංහ

හදිස අන­තු­ර­කින් මර­ණ­යට පත්වූ හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහ­තාගේ ආර­ච්චි­ක­ට්ටුව නි‍ෙව­සට ගිනි තබා විනාශ කිරීමේ චෝදනා එල්ල වී තිබූ සැක­ක­රු­වන් 68 දෙනා එම නඩු­වෙන් නිද­හස් කිරී­මට හලා­වත දිසා විනි­සුරු හා ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සිරි­මෙ­වන් මහේ­න්ද්‍ර­රජා විසින් පෙරේදා (04) නියෝග කෙරුණි.

මෙසේ හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහ­තාගේ නි‍ෙවස ගිනි තබා විනාශ කර තිබුණේ හලා­වත ජාතික ජන බල­වේ­ගයේ ප්‍රධාන සංවි­ධා­ය­ක­ව­රයා සමඟ එක්සත් ජාතික පක්ෂයේ හලා­වත හා ආර­ච්චි­ක­ට්ටුව හිටපු ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­රුන් පිරි­සක් සමඟ තවත් ජාතික ජන බල­වේ­ගය පක්ෂ ආධා­ර­ක­රු­වන් පිරි­සකි.

ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ රජය පෙරළා දැමී­මට කට­යුතු කළ ගෝල්ෆේස් අර­ග­ල­ක­රු­වන්ට හිටපු සනත් නිශාන්ත රාජ්‍ය ඇමැ­ති­ව­රයා ඇතුළු රජ­යට සම්බන්ධ පිරි­සක් පහර දී එළවා දැමී­මට පළි­ගැ­නී­මක් ලෙස මෙසේ විශාල පිරි­සක් විසින් රාජ්‍ය ඇමැ­ති­ව­ර­යාගේ ආර­ච්චි­ක­ට්ටුව පිහිටි නි‍ෙවස 2022 මැයි 9 ගිනි තබා විනාශ කර තිබුණි.

ගිනි ගැනී­මෙන් ඇමැ­ති­ව­ර­යාගේ සියලු දෑ ගිනි ගෙන විනාශ වී තිබුණි.

මෙම ගිනි තැබී­මට හලා­වත ජාතික ජන බල­වේ­ගය පක්ෂ සංවි­ධා­යක අජිත් ගිහාන් මහතා සමඟ එක්සත් ජාතික පක්ෂ ආධා­ර­ක­රු­වන් 200කට ආසන්න පිරි­සක් විටි­න්විට හලා­වත හා ආර­ච්චි­ක­ට්ටුව පොලිසි විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබූ අතර එහි දී පරී­ක්ෂ­ණ­ව­ලින් පසු 68 දෙන­කුට චෝදනා එල්ල කර­මින් පොලි­සිය විසින් නඩු පවරා තිබුණි.

කෙසේ නමුත් අදාළ නි‍ෙවස ගිනි තැබී­මට සම්බන්ධ සැක­ක­රු­වන් සම්බන්ධ දර්ශන ඇති බවට එව­කට රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා පොලි­සි­යට පවසා තිබු­ණද සනාථ කර ගත හැකි සාක්ෂි­යක් ඉදි­රි­පත් කිරී­මට අපො­හො­සත් වී තිබුණි.

වසර දෙක­කට ආසන්න කාල­යක් පැවති මෙම නඩු විභා­ග­යට පොලි­සි­යට සැක­ක­රු­වන් වෙනු­වෙන් කිසිදු පිළි­ගත හැකි සාක්ෂි­යක් ඉදි­රි­පත් කිරී­මට හැකි­යාව නොති­බුණි.

පැමි­ණිල්ල වෙනු­වෙන් හලා­වත හා ආර­ච්චි­ක­ට්ටුව පොලි­සිය පෙනී සිටි අතර, විත්තිය වෙනු­වෙන් ස්විනි පෙරේරා, රුවන් චමින්ද ඇතුළු නීති­ඥ­යින් තිදෙ­නකු අධි­ක­ර­ණයේ පෙනී සිටි­මින් කරුණු ඉදි­රි­පත් කර තිබුණි.

එහිදි විත්තිය වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ ස්විනි පෙරේරා මහතා අධි­ක­ර­ණයේ පෙනී සිටි­මින් පවසා සිටියේ තම සේවා­දා­ය­ක­යින් වෙනු­වෙන් දේශ­පා­ලන පළි­ගැ­නීම් මුල් කර­ග­නි­මින් මෙම පැමි­ණිල්ල දමා ඇති බවත් මේ සම්බන්ධ චෝදනා එල්ලවී ඇති පිරිස අතර දේශ­පා­ල­නයේ නිරත වන ව්‍යාපා­රික කට­යු­තු­වල හා වෙනත් කට­යු­තු­වල නිරත වන පිරිස් දැඩි අප­හ­සු­තා­වන්ට ලක්වී ඇති බවත් මෙම පිරිස අදාළ චෝද­නා­ව­ලින් නිද­හස් කර මුදා­හ­රින ලෙස නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

මෙහිදි අධි­ක­ර­ණය හමුවේ කරුණු දැක්වූ හලා­වත ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා පවසා සිටියේ නීතිය සැමට සාධා­රණ විය යුතුයි. එසේම නීතිය ලොකු පොඩි කියලා වෙන­සක් නොකළ යුතු බවත් මෙම පිරිස වෙනු­වෙන් ඉදි­රි­පත් කළ හැකි කිසිදු සාක්ෂි­යක් නොමැති තත්ත්ව­යක් හමුවේ මෙම සැක­ක­රු­වන් අධි­ක­ර­ණය හමුවේ ඉදි­රි­පත් නොක­රන ලෙසට පොලි­සි­යට දැඩි චෝදනා එල්ල කර­මින් අදාළ චෝද­නා­ව­ලින් නිද­හස් කර මුදා හැරී­මට කට­යුතු කර තිබුණි.

ඒ අනුව මෙම නඩුව තව­දු­ර­ටත් පව­ත්වා­ගෙන යාමට අව­ශ්‍ය­තා­වක් නොමැති බව පෙනී යන හෙයින් අප­රාධ නඩු විධාන සංග්‍ර­හයේ 186 වන වග­න්ති­යට අනුව සිය­ලුම සැක­ක­රු­වන් මුදා හැරී­මට කට­යුතු කර තිබුණී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT