Friday, May 16, 2025
Home » හෙළයේ මහා සින­මා­කරු ලෙස්ටර් ජේම්ස් පීරිස්

හෙළයේ මහා සින­මා­කරු ලෙස්ටර් ජේම්ස් පීරිස්

by damith
April 6, 2024 1:04 am 0 comment

රත්න­සිරි පති­රණ

(හෙළයේ මහා සින­මා­කරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහ­තාගේ 105 වැනි ජන්ම දිනය ඊයේට (05) යෙදී තිබිණි. මේ ලිපිය ඒ නිමි­ත්තෙනි).

දේශීය කතා­නාද සින­මාව නව මාව­ත­කට යොමු කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දෙස් විදෙස් ඇග­යී­මට ලක් වූ මෙරට සිටි විශි­ෂ්ට­තම සින­මා­ක­රු­වෙකි.ඒ මහතා 1919 අප්‍රේල් 5දා දෙහි­ව­ලදී උපත ලැබූ අතර දොස්තර ජේම්ස් ප්‍රැන්සිස් පීරිස් මහතා සිය දයා­බර පියා­ණන් වූ අතර ඈන් ගර්ට්රූට් විනි­ප්‍රීඩා මහ­ත්මිය දයා­බර මෑණි­යන් වූවාය. බම්බ­ල­පි­ටිය ශාන්ත පීතර විද්‍යා­ල­යෙන් මූලික අධ්‍යා­ප­නය ලැබූ ලෙස්ටර් ඉංග්‍රීසි සාහි­ත්‍ය­යට දැක්වූයේ දැඩි ඇල්මකි.අධ්‍යා­ප­නය නිම­වී­මත් සමඟ තරුණ ලෙස්ටර් ලේක්හ­වුස් ආය­ත­න­යට සම්බන්ධ වී “ඔබ්ස­ර්වර්” පුව­ත්ප­තෙන් මාධ්‍ය­වේ­දි­යකු ලෙස සිය මාධ්‍ය ජීවි­තය ඇර­ඹු­වේය. ඉන්පසු රජයේ චිත්‍ර­පට අංශ­යට සම්බන්ධ වන ලෙස්ටර් ‘ලංකා ගීතය’, ‘නෙළුම් ගම’, ‘වියළි කලා­පය ජය ගැනීම’, ‘රැකෙනු නැත්නම් තැවෙනු’ වැනි වාර්තා චිත්‍ර­පට නිර්මා­ණය කෙරිණි.

1949 දී නිර්මා­ණ­ය­කදී Soliloquy (සෙලි­ය­ලොකි) ඉංග්‍රීසි වාර්තා චිත්‍ර­ප­ටය විනාඩි 12ක පර්යේ­ෂ­ණා­ත්මක චිත්‍ර­ප­ට­යකි. 1956 ලෙස්ටර් නිර්මා­ණය කළ ‘රේඛාව’ ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍ර­ප­ටය ලෙස ඉති­හා­ස­යට එක් වෙයි.අපේ කතා­නාද සින­මා­වට සිංහල ලකුණ උරුම කර දුන්නේ රේඛාව චිත්‍ර­ප­ට­යෙනි. ඉන්දි­යානු වට්ටෝරු සින­මා­වට කොටු වූ අපේ දේශීය කතා­නාද සින­මාව චිත්‍රා­ගා­ර­ව­ලින් බැහැර වී එළි­ම­හන් දර්ශන තල වෙත රැගෙන ගියේ ද ලෙස්ටර් නිර්මා­ණය කළ රේඛාව චිත්‍ර­ප­ට­යයි.

1960දී සංදේ­ශය නිර්මා­ණය කළ ඔහු 1965 දී ගම්පෙ­ර­ළිය චිත්‍ර­ප­ටය නිර්මා­ණය කළ අතර ඉන්දීය අන්ත­ර්ජා­තික සිනමා උලෙ­ළේදී හොඳම වෘත්තාන්ත චිත්‍ර­ප­ටය ලෙස ‘ගම්පෙ­ර­ළිය’ රණ­ම­යුර සම්මා­න­යෙන් පිදුම් ලැබු­වේය. දෙලො­වක් අතර, රන්සළු, ගොළු හද­වත, අක්ක­ර­පහ, නිධා­නය, දෑස නිසා, මඩො­ල්දූව, The God King, වීර පුර­න්අප්පු, අහ­සින් පොළො­වට, පිංහාමි, බැද්දේ­ගම, කලි­යු­ගය, යුගා­න්තය, අව­ර­ගිර, වෑකන්ද වලව්ව, අම්මා­ව­රුනේ ලෙස්ටර් දේශීය සින­මා­වට තිළිණ කළ නිර්මා­ණ­යන්ය.

මේ අස­හාය සින­මා­ක­රුවා 2000 රණ­ම­යුර යාව­ජීව සම්මා­නය (නව­දි­ල්ලිය), 2001 – ඩූවිල් ස්වර්ණ­පද්ම සම්මා­නය (ප්‍රංශය), Golden Lotus Award 2002 – (ප්‍රංශය) 2003 – යුනෙස්කෝ ෆෙලෙනි රන් සම්මා­නය, 2007 – ශ්‍රී ලංකා­භි­මා­නය ඇතුළු දෙස් විදෙස් ඇග­යී­මට ලක් වූ මේ අග්‍ර­ගණ්‍ය සින­මා­ක­රු­වාට 2003 වස­රේදී පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යෙන් සම්මාන ආචාර්ය උපා­ධිය ද පිරි­න­මන ලදි. නැසී ගිය ප්‍රවීණ සින­මා­වේ­දිනි සුමිත්‍රා පීරිස් මහ­ත්මි­යගේ දයා­බර සැමියා වූ මේ ලෝක පූජිත සින­මා­ක­රුවා 2018 අප්‍රේල් 28දා දිවි සින­මා­වෙන් සමු­ග­ත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT