Friday, May 16, 2025
Home » තල් අරක්කු හා රා ආශ්‍රිත නිෂ්පා­ද­න කර­න්නන්ගේ ආර්ථි­කය නැංවී­මට පිය­වර – ධීවර ඇමැති ඩග්ලස් දේවා­නන්දා

තල් අරක්කු හා රා ආශ්‍රිත නිෂ්පා­ද­න කර­න්නන්ගේ ආර්ථි­කය නැංවී­මට පිය­වර – ධීවර ඇමැති ඩග්ලස් දේවා­නන්දා

by damith
April 6, 2024 1:04 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

උතුරු – නැඟෙ­න­හි­රට ආවේ­ණික තල් අරක්කු හා රා ආශ්‍රිත නිෂ්පා­දන අප­න­ය­නය කර එම කර්මා­න්තයේ නියැ­ළෙන ප්‍රජා­වගේ ආර්ථි­කය ඉහළ නැංවී­මට පිය­වර ගන්නා බව ධීවර ඇමැති ඩග්ලස් දේවා­නන්දා මහතා පැව­සීය.

තල් කර්මා­න්තයේ යෙදෙන කර්මා­න්ත­ක­රු­වන් හා අප­න­ය­න­ක­රු­වන් පිරි­සක් පසු­ගි­යදා ධීවර අමා­ත්‍යාං­ශ­යේදී හමුවූ අව­ස්ථා­වේදී ඇමැ­ති­ව­රයා මේ බැව් අව­ධා­ර­ණය කළේය.

මෙහිදී අප­න­ය­න­ක­රු­වන් කියා සිටියේ මෙරට තල් රා සහ අරක්කු සඳහා ශ්‍රී ලාංකි­ක­යන් බහු­ලව වෙසෙන කැන­ඩාව, ප්‍රංශය, ස්විස්ට­ර්ල­න්තය, නව­සී­ල­න්තය ආදි රට­ව­ලින් විශාල ඉල්ලු­මක් පව­තින බවයි. මෙරට ඉහළ පෙළේ හෝට­ල්වල ද මේ සඳහා විශාල ඉල්ලු­මක් ඇති අතර, එම ඉල්ලුම සපු­රා­ලීම උතුරු, නැඟෙ­න­හිර පළාතේ මේ නිෂ්පා­දන අලෙවි කර­න්නන්ට බාධා­වක් නොවන ආකා­ර­යට සිදු කරන බව ද ඔවුහු පැව­සූහ.

තල් හකුරු, තල් බීම­ව­ල­ටද විශාල ඉල්ලු­මක් පව­තින බැවින් එම කර්මා­න්ත­ක­රු­වන් මේ සඳහා යොමු කර විදේශ වෙළෙඳ පොළේ ඉල්ලුම අනුව නිෂ්පා­ද­නය වැඩි කිරී­මට ඇමැ­ති­ව­ර­යාගේ සහ­යෝ­ගය අපේක්ෂා කරන බව ද නියෝ­ජි­තයෝ පැව­සූහ. කර්මා­න්ත­ක­රු­වන් මෙහිදී ප්‍රකාශ කළේ තම නිෂ්පා­ද­න­යන්ට සාධා­රණ මිලක් ලැබෙන්නේ නම් එම නිෂ්පා­දන අප­න­ය­න­ක­රු­වන්ට ලබා­දී­මට අපේෂා කරන බවත් ඒවා ඇසු­රුම් කිරී­මට බෝතල් සෝදන යන්ත්‍ර­යක් ආදි යටි­තල පහ­සු­කම් ලබා දීමට කට­යුතු කරන්නේ නම් තම නිෂ්පා­දන ගුණා­ත්ම­කව දිය හැකි බවත්ය.

මෙහිදී අද­හස් දැක්වු ඇමැති දේවා­නන්දා මහතා පැව­සුවේ ස්වාභා­වික ශාක­යක් ලෙස වැඩෙන තල් ශාක­යෙන් විදේශ විනි­මය උපයා ගැනී­මට කට­යුතු කිරීම පිළි­බ­ඳව රජ­යෙන් දිය හැකි උප­රිම සහ­යෝ­ගය දෙන බවයි. නිෂ්පා­ද­නය ඵල­දා­යීව කිරී­මට අවශ්‍ය උප­ක­රණ මෙන්ම යටි­තල පහ­සු­කම් ලබා­දී­මට පිය­වර ගන්නා අත­රම අප­න­ය­නය සඳහා යම් බාධා මතු­වු­ව­හොත් එයට ද විස­ඳුම් ලබා­දී­මට පිය­වර ගන්නා බව ද ඇමැ­ති­ව­රයා මෙහිදී පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT