Friday, May 16, 2025
Home » හිඟු­ර­ක්ගොඩ ගුව­න්තො­ටු­පොළ ජාත්‍ය­න්තර ගුවන් මෙහෙ­යුම් මධ්‍යස්ථානයක් කරනවා

හිඟු­ර­ක්ගොඩ ගුව­න්තො­ටු­පොළ ජාත්‍ය­න්තර ගුවන් මෙහෙ­යුම් මධ්‍යස්ථානයක් කරනවා

ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා

by damith
April 6, 2024 1:04 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

හිඟු­ර­ක්ගොඩ අභ්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළ නවී­ක­ර­ණය කර ජාත්‍ය­න්තර ගුවන් මෙහෙ­යුම් සඳහා භාවිත කිරී­මට බලා­පො­රොත්තු වන බව වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැව­සුවේ හිඟු­ර­ක්ගොඩ ගුව­න්තො­ටු­පොළේ සංව­ර්ධන කට­යුතු සහ එහි ගැටලු සොයා බැලීම සඳහා පෙරේදා (04) පස්ව­රුවේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක් වීමෙන් අන­තු­රුව පැවති විශේෂ සාක­ච්ඡා­වේ­දීය.

එහිදි වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා මහතා මෙසේ ද පැව­සීය.

මෙම ගුව­න්තො­ටු­පොළ නවී­ක­ර­ණය තුළින් ඉදි­රි­යේදී බලා­පො­රොත්තු වන්නේ ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පො­ළක් බවට පරි­ව­ර්ත­නය කිරී­මයි. ඒ සඳහා 2023 වසරේ අය වැයෙන් රුපි­යල් බිලි­යන 02ක් ජනා­ධි­ප­ති­තුමා ලබා දී තිබෙ­නවා. ඒ අනුව ඉදිරි සෑම වස­ර­කම හිඟු­ර­ක්ගොඩ ගුව­න්තො­ටු­පොළේ ඉදි­කි­රීම් සඳහා අය වැයෙන් මුදල් ප්‍රති­පා­දන ලබා දීමට කට­යුතු කර­නවා. අපේ අව­සාන ඉල­ක්කය වී තිබෙන්නේ මත්තල, කටු­නා­යක, රත්ම­ලාන, පලාලි සහ හිඟු­ර­ක්ගොඩ ගුව­න්තො­ටු­පොළ නවී­ක­ර­ණය කිරී­මයි. එබැ­වින් මෙම සංව­ර්ධන ව්‍යාපෘ­තිය සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශ්ව­යන්ගෙ සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටි­නවා.

එමෙන්ම මෙම ගුව­න්තො­ටු­පොළ දෙවැනි ලෝක යුද සමයේ එංග­ල­න්තයේ රාජ­කීය ගුවන් හමු­දාව වෙනු­වෙන් ඉදි කරන ලද අතර එකල මින්නේ­රිය ගුවන් හමුදා මධ්‍ය­ස්ථා­නය ( RAF Minneriya ) ලෙසද හඳුන්වා තිබෙ­නවා. රට මධ්‍යයේ පිහිටා ඇති මෙම ගුව­න්තො­ටු­පොළ රටේ ආර්ථි­ක­යට ශක්ති­යක් කර ගැනීමේ පර­මා­ර්ථ­යෙන් යුතුව ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පො­ළක් බවට පරි­ව­ර්ත­නය කිරී­මට ද ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව තීර­ණය කර තිබෙ­නවා.

ඒ අනුව 2024 අය වැයෙන් මෙහි මූලික ඉදි­කි­රීම් හා සංව­ර්ධන කට­යුතු ආරම්භ කිරී­මට රුපි­යල් බිලි­යන 02ක මූල්‍ය ප්‍රති­පා­දන වෙන් කර තිබෙ­නවා. මේ මූල්‍ය ප්‍රති­පා­දන භාවිත කර­මින් ප්‍රථම අදි­යර යටතේ දැනට තිබෙන මීටර් 2287 දිගින් සහ මීටර් 46ක පළ­ලින් යුතු ධාවන පථය මීටර් 2500ක් දක්වා දීර්ඝ කිරී­මට කට­යුතු කර­නවා. මෙම සැල­සු­ම්ස­හ­ගත ධාවන පථයේ සංව­ර්ධන කට­යුතු නිම කිරී­මෙන් අන­තු­රුව එයාර් බස් 320, බෝයිං B 737 යන මාදි­ලි­වල ගුව­න්යානා මෙහෙ­යුම් සිදු කිරී­මට හැකි වේ. මේ සමස්ත සංව­ර්ධන කට­යතු සඳහා රුපි­යල් බිලි­යන 17 පමණ වැය වන බවත් සියලු ඉදි කිරීම් කට­යුතු ශ්‍රී ලංකා ගුවන් හමු­දාව සිදු කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමා­ත්‍යාං­ශය අව­ධා­ර­ණය කරයි.

රාජ්‍ය ඇමැති සිරි­පාල ගම්ලත්, අමා­ත්‍යාං­ශයේ ලේකම් කේ.ඩී.එස්. රුව­න්චන්ද්‍ර, ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් උදේනි රාජ­පක්ෂ, සිවිල් ගුව­න්සේවා අධි­කා­රියේ වැඩ­බ­ලන සභා­පති මංගල විජේ­සිංහ, ගුව­න්තො­ටු­පොළ සහ ගුවන් සේවා සමා­ගමේ සභා­පති අතුල ගල්කැ­ටිය, සිවිල් ගුව­න්සේවා අධි­කාරි‍යේ අධ්‍යක්‍ෂ ජන­රාල් එයාර් වයිස් මාෂල් සාගර කොට­ක­දෙ­ණිය යන මහ­ත්ව­රුන් ඇතුළු නිල­ධා­රීහු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT