Saturday, May 10, 2025
Home » ඉදිරි වසර 75 තුළ රට ඉදි­රි­යට ගමන් කිරී­මට නම් අධ්‍යා­පන ක්‍රමය නව පරි­ව­ර්ත­න­ය­කට ලක් කළ යුතුයි

ඉදිරි වසර 75 තුළ රට ඉදි­රි­යට ගමන් කිරී­මට නම් අධ්‍යා­පන ක්‍රමය නව පරි­ව­ර්ත­න­ය­කට ලක් කළ යුතුයි

කොළඹ සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක විද්‍යා­ලයේ ත්‍යාග ප්‍රදා­නෝ­ත්ස­ව­යට එක්වෙ­මින් ජන­පති කියයි

by damith
April 6, 2024 1:06 am 0 comment

දැනුම අලුත් කර ගැනීම සඳහා අධ්‍යා­ප­නය ප්‍රධාන වශ­යෙන් වැද­ගත් වන බවත් ඉදිරි වසර 75 තුළ රට ඉදි­රි­යට ගමන් කිරී­මට නම් අධ්‍යා­පන ක්‍රමය නව පරි­ව­ර්ත­න­ය­කට ලක් කළ යුතු බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සඳ­හන් කළේය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ බව සඳ­හන් කර සිටියේ ඊයේ (05) පස්ව­රුවේ පැවති කොළඹ සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක විද්‍යා­ලයේ 2022 වාර්ෂික ත්‍යාග ප්‍රදා­නෝ­ත්ස­ව­යට එක්වෙ­මිනි.

විද්‍යා­ලය වෙත සපැ­මිණි ජනා­ධි­ප­ති­ව­රයා සිසු දැරි­යන් විසින් මහත් හර­ස­රින් පිළි­ගත් අතර ජ්‍යෙෂ්ඨ බට­හිර තූර්ය වාදක කණ්ඩා­යම, ජ්‍යෙෂ්ඨ පෙර­දිග තූර්ය වාදක කණ්ඩා­යම සහ නර්තන කණ්ඩා­යම ජනා­ධි­ප­ති­ව­රයා උත්සව සභාව වෙත කැඳ­වා­ගෙන එනු ලැබීය. 2022 වසරේ උසස් පෙළ විභා­ග­යේදී සෑම විෂය ධාරා­ව­කින්ම සියලු විෂ­ය­යන් සඳහා විශිෂ්ට සාමාර්ථ හිමි­ක­ර­ගත් ශිෂ්‍යා­වන් සඳහා ත්‍යාග පිරි­නැ­මීම මෙන්ම එම විශිෂ්ට ප්‍රති­ඵල ලබා ගැනී­මට මඟ­පෙන්වූ ගුරු­ව­රුන් සහ 2022 වසරේ අඩුම නිවාඩු ලබා­ගත් ගුරු­ව­රුන් ඇග­යීම ද මෙහිදී ජනා­ධි­ප­ති­ව­රයා අතින් සිදු විය.

සුවි­ශේෂ කුස­ලතා වෙනු­වෙන් පිරි­නැ­මෙන අභි­යෝ­ගතා කුස­ලාන ද සිසු­වි­යන් සිව්දෙ­නෙකු වෙත පිරි­නැ­මීම මෙහිදී ජනා­ධි­ප­ති­ව­රයා අතින් සිදු වූ අතර විද්‍යා­ලයේ 2022 වසරේ වඩාත් කැපී­පෙ­නෙන ශිෂ්‍යා­වට හිමි “ආචාර්ය සුමේධා ජය­වීර” අභි­යෝ­ගතා කුස­ලා­නය ජී.ඩී. රනලි ඉමාෂා විම­ල­රත්න ශිෂ්‍යා­වට හිමි­විය. විදු­හ­ල්ප­තිනි ආචාර්ය සුමේධා ජය­වීර මහ­ත්මිය ජනා­ධි­ප­ති­ව­රයා වෙත ද සමරු තිළි­ණ­යක් පිළි­ගැ­න්වූ­වාය. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පාසලේ විශේෂ ආරා­ධිත අමු­ත්තන්ගේ පොතේ සමරු සට­හ­නක් ද තැබීය.

තව­දු­ර­ටත් ජනා­ධි­ප­ති­ව­රයා මෙසේ පැව­සීය.

නවීන තාක්ෂ­ණය සහ දැනුම අධ්‍යා­ප­නයේ නව ආයු­ධය බවට පත්ව තිබෙ­නවා. රටේ ආර්ථි­කය කෙත­රම් ශක්ති­මත් කළ ද ලෝකය සමඟ පරි­ව­ර්ත­නය වෙමින් ඉදි­රි­යට නොගි­ය­හොත් රට පසු­ප­සට ගමන් කර­නවා.

අධ්‍යා­පන ඇමැති ලෙස මා කට­යුතු කළ සමයේ මෙම පාසල දියුණු කිරී­මට අව­ස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. එහි ප්‍රති­ඵල අද දකින්න තිබෙ­නවා. මගේ ජීවි­තයේ ඉතා අසීරු කාලය තුළ මා ජීව­ත්වූයේ මේ සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක විද්‍යා­ලය අස­ලයි. පසු­ගිය වසර දෙක තුළදී නැවත මේ රට වැටෙ­න්නට ඉඩ නොතබා රට ක්‍රමා­නු­කූ­ලව ගොඩ­නැ­ඟී­මට අපට හැකි වුණා. එය ප්‍රමා­ණ­වත් වන්නේ නැහැ. අප තව වසර 05ක් 10ක් මේ ගමන ඉදි­රි­යට යා යුතුයි. එහිදී අපි රටේ දරු­වන්ගේ අනා­ග­තය පිළි­බ­ඳව ද සිතිය යුතුයි. ඔබ සියලු දෙනා ඉදි­රි­යේදී එක්වන්නේ ඉතා ශීඝ්‍ර­යෙන් දියු­ණු­වන සමා­ජ­ය­ක­ටයි. ඒ සඳහා ඔබ සූදා­නම් කිරීම ආණ්ඩුවේ වග­කීම වෙනවා. ජංගම දුර­ක­ත­නය, ලැප්ටොප් පරි­ග­ණ­කය සමඟ අද දරු­වන්ට නවීන ලෝකය සමඟ සම්බ­න්ධ­වී­මට අව­ස්ථාව ලැබී තිබෙ­නවා. එය අධ්‍යා­ප­නයේ අලුත් ආයු­ධ­යක්.‍

අප රටක් ලෙස දියුණු විය යුතුයි. ඉදිරි වසර 10-15 තුළ රටේ ශක්ති­මත් ආර්ථි­ක­යක් ඇති කළ යුතුයි. ලෝකය සමඟ එක්ව අප මේ ගමන යා යුතුයි. ඒ සඳහා සෑම ක්ෂේත්‍ර­ය­කම නවී­ක­ර­ණ­යක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා දැනුම හා තාක්ෂ­ණය අව­ශ්‍යයි. Smart Agriculture කියන්නේ වච­න­යක් නොවෙයි. ඒ සඳහා අවශ්‍ය දැනුම ලබා­ගත යුතුයි. ඒ වගේම බ්ලොක් චේන්ච් තාක්ෂ­ණය එක­වර ලබා­ගත නොහැ­කියි. ඒ සඳහා ද දැනුම අව­ශ්‍යයි. අද ලෝකයේ ආණ්ඩු සහ ඔන්ල­යින් සමා­ගම් අතර විශාල කඹ ඇදී­මක් තිබෙ­නවා. අද සෑම රටක්ම පුරු­දුව සිටින්නේ තමන්ගේ බල ප්‍රදේ­ශය තුළ සියලු දේ පාල­නය කිරී­ම­ටයි. නමුත් දැන් ඔන්ල­යින් වැඩ­ස­ට­හන් නිසා කිසි­වක් පාල­නය කිරී­මට නොහැ­කිව තිබෙ­නවා. අසභ්‍ය කට­යුතු පාල­නය කළ නොහැකි නිසා ඒ සඳහා නීති ගෙන ඒමට සිදු වෙලා තිබෙ­නවා.

මේ ශීඝ්‍ර­යෙන් වෙනස් වන ලෝකය තුළ දැනුම වර්ධ­නය කර ගැනීම ඉතා අව­ශ්‍යයි. දැනුම අලුත් කර නොගෙන ලෝකය සමඟ ඉදි­රි­යට යන්න බැහැ. ඒ නිසා දැනුම අලුත් කර ගැනීම අධ්‍යා­ප­නයේ ප්‍රධාන කාර්යය බවට පත් වෙනවා. මේ සඳහා මෙරට පාසල් පද්ධ­තියේ පරි­ව­ර්ත­න­යක් ඇති කිරී­මට ආණ්ඩුව සැල­සුම් කර තිබෙ­නවා. ඒ අනුව සෑම පළා­ත­කම අධ්‍යා­පන මණ්ඩ­ල­යක් ඇති කිරී­මට වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර තිබෙ­නවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂා දැනුම ගුරු­ව­රුන්ට මෙන්ම දරු­වන්ට ද ලබා­දිය යුතුයි. ඒව­ගේම පාසල් දරු­වන්ට තොර­තුරු තාක්ෂණ දැනුම ලබා­දීම වගේම ඒ සඳහා අවශ්‍ය උප­ක­රණ ලබා­දීම සිදු කළ යුතුව තිබෙ­නවා. කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂ­ණය සමඟ ඉදි­රි­යට යාමට අද ලෝකය සූදා­නම් වී සිටි­නවා. අපත් එම දැනුම ලබා­ගත යුතුයි. එවිට අපට මෙම නවීන තාක්ෂ­ණය සමඟ ඉදි­රි­යෙන් සිටී­මට හැකි වෙනවා. ඒ නිසා AI තාක්ෂ­ණය පාසල් විෂය මාලා­වට එක් කිරී­මට අප සැල­සුම් කර තිබෙ­නවා. මෙය සාර්ථ­කව ක්‍රියා­ත්මක කළ විට ඉන්දි­යා­ව­ටත් වඩා AI තාක්ෂ­ණ­යෙන් ඉදි­රි­යට යෑමට අපට හැකි­යාව තිබෙ­නවා. ඒ සඳහා නව නීති ගෙන ඒමට ද අප කට­යුතු කර­නවා.

හරිත විශ්ව­වි­ද්‍යා­ලය පිළි­ගත් විශ්ව­වි­ද්‍ය­ල­යක් බවට පත් කිරී­මට අප බලා­පො­රොත්තු වෙනවා. එවිට තවත් නව විශ්ව­වි­ද්‍යා­ල­යක් රට තුළ බිහි වෙනවා. ඒ වගේම මම ඉන්දි­යාවේ සිදු කළ නිල සංචා­ර­ය­කදී චෙන්නායි IIT හි මණ්ඩ­ප­යක් අපේ රටට ලබා­දී­මට මෝදි අග­මැ­ති­තුමා පොරොන්දු වුණා. ඒ වගේම කුරු­ණෑ­ගල, සීතා­වක සහ තවත් ප්‍රදේ­ශ­යක තාක්ෂ­ණික විශ්ව­වි­ද්‍යාල තුනක් ස්ථාපිත කිරී­මට මම මුදල් වෙන් කර තිබෙ­නවා. මෙම නව තාක්ෂ­ණික දැනුම දරු­වන්ට ලබා­දීම සඳහා එම විශ්ව­වි­ද්‍යාල පද්ධ­තිය ගොඩ­නැ­ඟෙ­නවා. ඒ වගේම SLIIT Campus එක තව­දු­ර­ටත් දියුණු වී විශ්ව­වි­ද්‍යා­ල­යක් බවට පත්වී­මට කට­යුතු කරන බවට මා දැනු­වත් කර තිබෙ­නවා. එසේ නම් අපට අවශ්‍ය මිනිස් බලය නිර්මා­ණය කර ගැනී­මට විශ්ව­වි­ද්‍යාල පද්ධ­තිය තුළ මෙම පරි­ව­ර්ත­නය අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි අලු­තින් ඉංජි­නේරු පීඨ ගණ­නා­වක් ආරම්භ කිරී­මට සැල­සුම් කර තිබෙන නිසා සැම විශ්ව­වි­ද්‍යා­ල­ය­කම එම පීඨ ආරම්භ කිරීම සිදු කෙරෙ­නවා. ඒ වගේම භෞතික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යා පීඨ ඇති කළ යුතුයි.

වෛද්‍ය පීඨ සඳහා ඇතු­ළත් කර ගන්නා සිසුන් ප්‍රමා­ණය වැඩි කර ගැනී­මට අප සැල­සුම් කර තිබෙ­නවා. වෛද්‍ය­ව­රුන් විශාල පිරි­සක් රට හැර යන නිසා නව වෙද්‍ය­ව­රුන් පුහුණු කළ යුතුව තිබෙ­නවා. මේ රට ඉදිරි වසර 75 තුළ ඉදි­රි­යට යන්නේ රටේ අධ්‍යා­පන ක්‍රමය නව පරි­ව­ර්ත­න­ය­කට ලක් කළ­හොත් පම­ණයි. එසේ නොකර ඉදි­රි­යට යන්න බැහැ. ආර්ථි­කය කෙත­රම් ශක්ති­මත් කළත් ලෝකය සමඟ පරි­ව­ර්ත­නය වෙමින් ඉදි­රි­යට නොගි­ය­හොත් ආර්ථි­කය වැටෙ­නවා.

අධ්‍යා­පන අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේම­ජ­යන්ත, ජාතික පාසල් අධ්‍ය­ක්ෂිකා හෂිනි තල­ගල, කොළඹ කලාප අධ්‍යා­පන අධ්‍යක්ෂ පී.ආර්. දේව­බන්දු යන මහත්ම මහ­ත්මීන් ද, නියෝජ්‍ය විදු­හ­ල්ප­ති­ව­රුන් වන අනුපා පිය­ති­ලක සහ වෙනුකා ගල­ප්පත්ති, සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක විද්‍යා­ලයේ ආර­ම්භක විදු­හ­ල්ප­තිනි විමලා ලිය­නගේ, ආදි විදු­හ­ල්ප­ති­ව­රුන් වන ආර්.එම්.ඒ. ජය­සේ­කර සහ නන්දා ද සිල්වා යන මහත්ම මහ­ත්මීන් සහ ගුරු­ව­රුන්, ආදි සිසු­වි­යන් ඇතුළු ආරා­ධිත පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT