ජනාධිපති කියන පුටුවට කයියනායකලා හෝ බස් ඩ්‍රයිවර් කෙනෙක් දාලා හෝ රටක් දියුණු කරන්න බැරි බවත් කයිය ගහලා ලොකු රැස්වීම් කළ පළියට රටක් කරන එක පහසු නැති බව ඉඩම් හා සංචාරක ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
ඇමැතිවරයා මේ බව පැවසුවේ බදුල්ලේ පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
මැතිවරණයකට වඩා අපිට ඕනෑ රටේ මිනිස්සුන්ට අවුරුදු කන්න දෙන්නයි. රටේ මිනිසුන් ඡන්දයක් වුවමනායි කියලා දඟලන්නේ නැහැ. මිනිසුන්ට අවශ්‍ය වන්නේ ජීවත් වීමයි. දේශපාලනයේ කිසිම අභියෝගයක් භාර ගත්තේ නැති රට වැටිලා රටේ මිනිස්සු මැරෙන කොටත් අභියෝග භාර නොගත්ත මිනිස්සු දැන් ඡන්දය ඉල්ලනවා රට බේරා ගන්න. ඒ කරන්න හදන්නේ රටේ මිනිස්සු වෙනුවෙන් නොවෙයි. ඒ කරන්න හදන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ බලය රැක ගන්නයි.
ව්‍යවස්ථානුකූලව ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පවත්වනවා. එකට අපි සූදානම් වෙනවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සියලුම පක්ෂ සහයෝගයෙන් පොදු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙයි කියලා. මැයි පළමුවැනිදා වෙනකොට අපි එක්සත් ජාතික පක්ෂය කියන්නේ කවුද කියන එක පෙන්වනවා.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජන්දය කල් දාන්නේ නැහැ. කල් දානවා නම් අපිට කියනවා කල් දානවා කියලා. එහෙම කියන්නේ නැහැ. අපිට වැඩ පටන් ගන්න කියලා තමයි තියෙන්නේ.
සංචාරකයින් මාස තුනක් ඇතුළත හය ලක්ෂ පනස් දහසක් ඇවිත් තියෙනවා. දෙසැම්බර් වන විට රටේ තිබෙන හෝටල් කාමරත් මදි වෙයි. ඒ නිසා රට දියුණු වෙන කොට අපේ මිනිස්සු කුලල් කා ගන්නවා.
මාලිමාවයි සජබයයි ආණ්ඩුවට එකතු
වෙනවා නම් අපේ ඇමැතිකම් ඒ ගොල්ලන්ට දෙන්න තිබුණා. එතකොට මේ රටට තව අවුරුදු දෙක තුනන් හුස්ම ගන්න පුළුවන්කම
තියෙනවා. එහෙම වුණානම් මේ රට සුන්දරම රටක් වේවි.