Friday, May 2, 2025
Home » පේරා­දෙණි උප­කු­ල­පති ධුර­යට ටෙරන්ස්-කිත්සිරි-ශාලුක නම් 3 ප්‍රති­පා­දන කොමි­ස­මට

පේරා­දෙණි උප­කු­ල­පති ධුර­යට ටෙරන්ස්-කිත්සිරි-ශාලුක නම් 3 ප්‍රති­පා­දන කොමි­ස­මට

by damith
April 6, 2024 1:14 am 0 comment

අසේල කුරු­ළු­වංශ

පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ 23 වැනි උප­කු­ල­ප­ති­ව­රයා තෝරා­ගැ­නී­මට පැවති සම්මුඛ පරී­ක්ෂ­ණ­යේදී ඉහ­ළම ලකුණු ගත් මහා­චා­ර්ය­ව­රුන් තිදෙ­න­කුගේ නම් විශ්ව­වි­ද්‍යාල පාලක සභාව මඟින් විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභා­වට දැනුම් දී තිබේ.

පාලන සභාව ඉදි­රියේ පැවති සම්මුඛ පරී­ක්ෂ­ණ­යට මහා­චා­ර්ය­ව­රුන් 8 දෙනකු ඉදි­රි­පත්ව ඇති අතර, ඒ අතු­රින් වැඩිම ලකුණු ගන්නා තිදෙ­නාගේ නම් විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභා­වට යොමු කිරී­මෙන් පසු කොමි­ෂන් සභාව මඟින් ඒවා ජන­ප­ති­ව­රයා වෙත යොමු කිරීම සම්ප්‍ර­දා­යකි. අදාළ තිදෙ­නා­ගෙන් කෙනකු උප කුල­ප­ති­ව­රයා ලෙස පත් කිරීමේ බලය ජනා­ධි­ප­ති­ව­රයා සතුය.

මෙවර උප­කු­ල­පති ධුරය සඳහා පැවැති සම්මුඛ පරී­ක්ෂ­ණ­යේදී වැඩිම ලකුණු හිමි කර­ගෙන ඇත්තේ පිළි­වෙ­ළින් වත්මන් නියෝජ්‍ය උප­කු­ල­පති මහ­චාර්ය ටෙරන්ස් මදු­ජිත්, ඉංජි­නේරු පීඨයේ මහා­චාර්ය කිත්සිරි ලිය­නගේ හා විද්‍යා පීඨයේ මහා­චාර්ය ශාලුක කොඩි­තු­වක්කු බවට විශ්ව­වි­ද්‍යාල ආරංචි මාර්ග සඳ­හන් කරයි.

වත්මන් උප­කු­ල­පති මහා­චාර්ය එම්.ඩී ළමා­වංශ මහ­තාගේ ධුර කාලය එළ­ඹෙන අගෝස්තු 5 දායින් අව­සන් වීමට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT