ගාල්ල දිසා ලේකම් කාර්යාලය විසින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ අනුග්‍රහය යටතේ සංවිධාන කළ ගාල්ල දිසාපති අභියෝගතා ශූරතා කණ්ඩායම් තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට දිසාපති කාර්යාලගේ ක්‍රීඩා කණ්ඩායම සමත් විය.
දඩල්ල ක්‍රීඩාංගණයේ පැවති මේ තරගාවලිය සැහැල්ලු පන්දු ක්‍රිකට්, එල්ලේ සහ නෙට්බෝල් යන ක්‍රීඩා ඉසව්වලින් සමන්විත වූ අතර, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල කණ්ඩායමට එල්ලේ ශූරතාව හා ක්‍රිකට් අනුශූරතාව හිමි විය. ක්‍රිකට් ශූරතාව අම්බලන්ගොඩ කණ්ඩායමටත් නෙට්බෝල් ශූරතාව ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කණ්ඩායමටත් හිමි විය.
එල්ලේ අනුශූරතාව වැලිවිටිය දිවිතුර සහ නෙට්බෝල් අනුශූරතාව බෝපෙ පෝද්දල කණ්ඩායමට හිමිවිණි.
තරගාවලියේ ජය සංක්ත ප්රදානය ඇමැති මනූෂ නානායක්කාර මහතා සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රීඩා උලෙළ සංවිධාන කෙරුණු අතර, දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් චාමි රාජකරුණා, අයේශා කාරියවසම් මහත්ම මහත්මීහු සමඟ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් මේ සඳහා එක්ව සිටියහ.