කොළඹ නාලන්දා විද්‍යාලයේ එළඹෙන සියවස් සැමරුම නිමිති කර ගනිමින් ඉදිකිරීමට යෝජිත නව තාක්ෂණික සිව්මහල් ගොඩනැඟිල්ල සහ කාය වර්ධන මධ්‍යස්ථානයක් සහිත එකවර ක්‍රීඩා 10කට ආසන්න ප්‍රමාණයක් පුහුණුවීම් කළ හැකි අති නවීන තෙමහල් ක්‍රීඩා සංකීරණය වෙනුවෙන් සිය පෞද්ගලික මුදලින් සුවිශේෂ මුදලක් කීර්තිමත් ආදි නාලන්දියකු මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් විද්‍යාලය වෙත ඉකුත්දා පිරිනැමිණි.
මෙම ව්‍යාපෘතියේ ප්‍රථම දායකත්වය මෙය වීම ද සුවිශේෂ වන අතර මෙහිදී නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරී මඬුල්ල විසින් ද සිය පෞද්ගලික මුදලින් රුපියල් කෝටියක මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා පිරිනැමීය. ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 60 මුදලක් ඇස්තමේන්තු කර තිබේ.
නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් 2023/24 වාරය සඳහා පත් වූ නව නිලධාරින්ගේ ප්‍රථම විධායක රැස්වීම එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අවස්ථාවේදී මෙම මූල්‍ය පරිත්‍යාගයන් සිදු විය.
මේ අවස්ථාවට නාලන්දා විද්‍යාලයේ විදුහල්පති යූ.ඩී. ඉරාන් චම්පික සිල්වා මෙන්ම නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරින් සහ සාමාජිකයෝ සහභාගි වූහ.