Home » විදේශගත ශ්‍රමිකයන් මාර්තුවේ පමණක් ඩොලර් මිලියන 572ක් මෙරටට එවලා – අමාත්‍ය මනුෂ නානායක්කාර

විදේශගත ශ්‍රමිකයන් මාර්තුවේ පමණක් ඩොලර් මිලියන 572ක් මෙරටට එවලා – අමාත්‍ය මනුෂ නානායක්කාර

by sachintha
April 8, 2024 1:24 am 0 comment

විදේශගත ශ්‍රමිකයන් මාර්තු මාසයේදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 572.4ක මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. තමා අමාත්‍යධුරය භාර ගැනීමෙන් පසු විදේශගත ශ්‍රමිකයන් එවූ ප්‍රේශණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

විදේශගත ශ්‍රමිකයන් මේ වසරේ මුල් මාස තුන තුළදී පමණක් ඩොලර් බිලියන 1.53ක් මෙරටට එවා තිබේ. එය පසුගිය වසරට සාපේක්ෂව 8.7%ක ඉහළ යෑමකි.

අමාත්‍යවරයා, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගත් 2022 වසරේ මැයි මාසයේ සිට මේ දක්වා විදේශගත ශ්‍රමිකයන් අමෙරිකානු ඩොලර් මිලියන 10,263.8ක මුදලක් මෙරටට එවා තිබේ. ඩොලර් බිලියන 10.26ක් වන එම විදේශ ප්‍රේෂණ නීත්‍යනුකූලව බැංකු ක්‍රමය මඟින් මෙරටට ගෙන්වාගැනීම සඳහා විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් දිරි දීම් රැසක් ක්‍රියාත්මක කර තිබිණි. නීත්‍යනුකූලව බැංකු ක්‍රමය මඟින් මුදල් එවන ශ්‍රමිකයන්ට ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හඳුන්වා දීම, බහුකාර්ය ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම, හෝප් ගේට් නමින් ගුවන්තොටුපො‍ළේ විදේශගත ශ්‍රමිකයන් සඳහා වන විශේෂ ද්වාරයක් හඳුන්වා දීම වැනි පියවර ගෙන තිබේ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT