Home » අපි සැබෑ ශ්‍රීලනිප පාක්ෂිකයෝ මොන බාධක ආවත් පස්සට යන්නේ නෑ

අපි සැබෑ ශ්‍රීලනිප පාක්ෂිකයෝ මොන බාධක ආවත් පස්සට යන්නේ නෑ

by sachintha
April 8, 2024 1:41 am 0 comment

‘අපිට කොච්චර බාධක ආවත් වධ බන්ධන ආවත් අපි කිසි දවසක පස්සට යන්නෙ නෑ, ඉස්සරහට යනව මිසක්. අපි සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. ආණ්ඩුවේ ඇමැතිකම් දරන පිරිසක් අපේ ගමනට බාධා කරනවා. ඔවුන්ට ඕනෑ වුණා සන්ධානෙත් එක්කම ආණ්ඩුවට එකතු වෙන්න. මේක තමයි පසුගිය මාස තුන හතරෙම අපේ සාකච්ඡා අසාර්ථක වෙන්න හේතුව වුණේ. ගමේ වචනෙන් කියනවා නම් අපිව කඩේ යැව්වා. ඒ නිසා අපි පසුගිය දිනවල ආණ්ඩුවේ තනතුරු දරන තුන්දෙනෙකු පක්ෂය තුළ දරන තනතුරුවලින් ඉවත් කළා. ඒක ඉතාම නීත්‍යනුකූලව කළ වැඩක්.’

හිටපු විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේ පෙරේදා (07) සවස කඩුවෙල පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි. මෙම සමුළුව හිටපු බස්නාහිර පළාත් අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා විසින් සංවිධානය කොට තිබුණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඇතුළු පාක්ෂිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිතුමා මෙසේ ද පැවසීය.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතීතයේ සිටම විවිධ අභියෝගවලට මුහුණ දුන් පක්ෂයක්. ඒත් ඒක වට්ටන්න බැරි වුණා. බණ්ඩාරනායක මහතා මේ පක්ෂය ගොඩනැඟුවා. සිරිමාවෝ මැතිණිය එය ශක්තිමත් කළා. එතුමන්ලගෙ දරුවොත් මේ පක්ෂය අතහැර ගිහින් ති‍ෙයනවා. මමත් මේ පක්ෂය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරල ති‍ෙයනවා. ඒ නිසා මම කියන්න කැමැතියි අපිව වට්ටන්න ඔය අතලොස්සක් කුමන්ත්‍රණය කළාට හරියන්නෙ නෑ. අපි ඉදිරියටම යනවා. මම සෑම සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන්ම ඉල්ලා සිටිනවා අපත් සමඟ එක්වන ලෙස.”

නවගමුව සමූහ – සුගත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT