සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සිදුකළ අභියෝගය ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුව විසින් මඟහරිමින් එම අභියෝගය භාර නොගෙන ජනතා විමුක්ති පෙරමුණ නොයෙකුත් කතා කියමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිය මාලිමාවේ ආර්ථීක ප්‍රතිපත්තිය බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා ප්‍රකාශ කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණට ඒ නමින් ඉදිරියට යාමේ අපහසුතාවක් තිබෙන නිසා මාලිමාව කියන පක්ෂය නිර්මාණය කර ඇති බවත් ජනතා කැමැත්ත ලබාගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ වර්ණය ද වෙනස් කර ඇති බවත් මුජිබර් රහුමාන් මහතා පැවැසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා මෙසේ ද කීය. සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සමඟ විවාදයකට පැමිණෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුවට ආරාධනා කළා. නමුත් එම විවාදය මඟහරින බවක් පෙනෙන්නට තිබෙනවා. කුමන මැතිවරණය තිබුණත් පක්ෂයක මූලික ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙන්න බෑ. සමගි ජනබලවේගය එල්ල කළ අභියෝගය භාර ගන්නේ නැතිව ජනතා විමුක්ති පෙරමුණ එය මඟහරින්න නොයෙකුත් ආකාරයේ කතා කියන බවක් පෙනෙන්නට තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද කියන දේ ඔවුන්ටම ප්‍රශ්නයක් වෙලා තිබෙනවා.
ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයාගෙන් ඇහුවම ඔහු කියනවා ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිය තමයි මාලිමාවේ ආර්ථීක ප්‍රතිපත්තිය වෙන්නේ කියලා. එහෙනම් මාලිමාව කියලා පක්ෂයක් මොකටද? ජනතා විමුක්ති පෙරමුණ නමින් දිරියට යාමේ අපහසුතාවක් ඔවුන්ට තිබෙනවා. ඒ අපහසුතාව නිසා තමයි මාලිමාව කියලා එකක් හදාගෙන තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ රතු පාට, රෝස පාට කරලා බලනවා ඔවුන් කියන දේ ජනතාව පිළිගනියි ද කියලා. ආර්ථිකය සම්බන්ධයෙන් කතා කරන විට ජනතා විමුක්ති පෙරමුණ ඒ මාතෘකාවෙන් කට්ටි පනිනවා..
ඒ මාතෘකාව මඟහැරලා යන්න තමයි ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති සහ දර්ශනය යථාර්ථයක් නොවන නිසා ඒ පිළිබඳ ජනතාව ඉදිරියට පැමිණිලා කියන්න ඔවුන් මැළිකමක් දක්වනවා.”
රක්ෂණ ශ්‍රියන්ත