Home » අසාමාන්‍ය ඉරියව්වෙන් දෙඅතින්ම පන්දු යවන දේවපතිරාජයේ 15 හැවිරිදි ගිම්හානි

අසාමාන්‍ය ඉරියව්වෙන් දෙඅතින්ම පන්දු යවන දේවපතිරාජයේ 15 හැවිරිදි ගිම්හානි

by sachintha
April 8, 2024 1:23 am 0 comment

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පසුගියදා නිමාවට පත් වූ අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී සංචාරක එංගලන්ත සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ 15න් පහළ දඟපන්දු යවන්නිය ශෂිනි ගිම්හානිගේ පන්දු යැවීමේ ඉරියව්ව ජාත්‍යන්තර අවධානයට ලක්වී තිබේ. දේවපතිරාජ විදුහල නියෝජනය කරන ගිම්හානිගේ පන්දු යැවීමේ ඉරියව්ව වැඩි කතාබහට ලක්වී ඇත්තේ එය අනූව දශකයේ අගභාගයේදී දකුණු අප්‍රිකානු පිලේ හිටපු දඟපන්දු යවන්නා වූ පෝල් ඇඩම්ස්ගේ ඉරියව්වට සමාන බැවිනි. අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්වට අමතරව ඇගේ දෙඅතින්ම පන්දු යැවීමේ හැකියාවද වැඩි අවධානයට ලක් වී තිබේ.

රත්ගම සිරිසුමන කනිටු විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඇය 6 වසරේ සිට දේවපතිරාජයට ඇතුළත් වූ අතර, මහේෂ් සඳරුවන් යටතේ පුහුණුව ලබමින් සිටී. ශෂිනි ගිම්හානි ක්‍රීඩා පවුලකින් පැවැත එන ක්‍රීඩිකාවක් වන අතර, ඇගේ පියා නදීෂ් ක්‍රිෂාන්ත දේවපතිරාජයේ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇත. මව තුෂාරි ලක්ෂිකා පාසල් වියේදී නෙට්බෝල්, වොලිබෝල් සහ එල්ලේ ක්‍රීඩාවේ නිතරව සිටියාය. වැඩිමල් සොහොයුරු ජනිඳු ගිම්හාන ද දේවපතිරාජයේ ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩා ද්විත්වයෙන්ම කැපී පෙනෙන දස්කම් පෑ ක්‍රීඩකයෙකි.

පසුව ඩීඑස් සේනානායක විදුහලට ඇතුළත් වූ ඔහු රග්බි ක්‍රීඩාවෙන් දස්කම් දක්වමින් සිටින අතර, නැගණිය අනුකි ඉමන්දි ද මේ වන විට දේවපතිරාජ විදුහලේ ක්‍රිකට් පුහුණුව ලබමින් සිටින බව ඇගේ මව ‘දිනමිණ’ට කීවාය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT