කොළඹ නගරයේ අධික රථවාහන තදබදයක් සහිත කොම්පඤ්ඤවීදිය ආශ්‍රිත ප්‍රදේශයේ මාර්ග තදබදය අවම කිරීම උදෙසා දුම්රිය මාර්ගයට ඉහළින් ගුවන් පාලම් දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ, ඉදිකිරීම් අවසන් කළ එහි පළමු ගුවන් පාලම වන උත්තරාරාම මාවත ගුවන් පාලම ජනතා අයිතියට පැවරීම, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) සිදු කෙරිණි.
මීටර් 320ක දිගින් හා මීටර් 9.8ක පළලින් යුතු මෙම පාලම මං තීරු දෙකකින් සමන්විත වේ. කොම්පඤ්ඤවීදිය විනිසුරු අක්‌බාර් මාවත සහ උත්තරානන්ද මාවත සම්බන්ධ කෙරෙන මෙම පාලම ඇතුළු සම්පූර්ණ ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් මිලියන 5200කි. මෙම පාලමට අමතරව විනිසුරු අක්‌බාර් මාවත ගුවන් පාලම සහ එම ගුවන් පාලම් දෙක සම්බන්ධ කෙරෙන තවත් පාලමක් ඉදිකිරීම සමස්ත ව්‍යාපෘතියේ සැලසුමයි. මේ වන විට එම ඉදිකිරීම්ද සිදු කෙරෙමින් පවතී. පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුලුවගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර මහත්වරු, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.