Home » මැතිවරණ ගැන රජය ගත් අලුත්ම තීරණය

මැතිවරණ ගැන රජය ගත් අලුත්ම තීරණය

by yasara
April 9, 2024 2:32 pm 0 comment

ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමාවන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙයි

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන පුද්ගලයෙක්ගේ ඇප මුදල රු. මිලියන 2.6 ක් දක්වාත් ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප මුදල රු. මිලියන 3.1 ක් ලෙසත් ඉහළ දැමීමට යෝජනා කර තිබෙයි

එසේම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂකයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙක් සඳහා වන ඇප මුදල රුපියල් 11,000 ක් දක්වාත්, ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙක් සඳහා ඇප මුදල රුපියල් 16,000 ක් දක්වාත් ඉහළ දමා තිබෙයි

පළාත් සභා ඡන්ද විමසීමේ පනත අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙක් සඳහා ඇප තැම්පතුව රු. 6,000 ක් දක්වාත් ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප මුදල රු 11,000 ක් වන ලෙස එම ඇප තැන්පතු ගාස්තු ඉහළ දමා ඇත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT