Sunday, May 11, 2025
Home » දිය­ණි­ව­රුන්ට දෙන්න එකතු කළ ලක්ෂ 65ක රන්බඩු සොරු අරන්

දිය­ණි­ව­රුන්ට දෙන්න එකතු කළ ලක්ෂ 65ක රන්බඩු සොරු අරන්

by Gayan Abeykoon
April 9, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

වැලි­ගම අලු­ත්වී­දියේ පිහිටි නි‍ෙව­ස­කට පෙරේදා (07) දහ­වල් කාලයේ කඩා­වැ­දුණු සොරකු නි‍ෙවසේ අල්මා­රි­යක තිබුණු රුපි­යල් ලක්ෂ 65කට අධික වටි­නා­ක­මක් ඇති රන් භාණ්ඩ සොරා­ගෙන ගොස් ඇත.

නි‍ෙවසේ වහ­ලයේ උළු ගලවා නි‍ෙව­සට ඇතුළු වී මෙම සොර­කම සිදු­කර ඇතැයි වැලි­ගම පොලි­සිය කියයි.

රන් වළලු 04ක්, රන් බිස්කට් 01ක්, අත්ප­ල­ඳනා 01ක්, මාල 02ක්, මුදු 04ක්, කරාබු ජෝඩු 02ක් මෙසේ සොරා­ගෙන ගොස් ඇත.

නිවෙස් හිමියා රන් භාණ්ඩ අලෙ­වි­ස­ලක සේව­ක­යකු බව පොලි­සිය කියයි. සිය දිය­ණි­ව­රුන් වෙනු­වෙන් විටෙන් විට මිල දී ගත් රන් භාණ්ඩ මෙසේ සොරා­ගෙන ගොස් ඇති බව නිවෙස් හිමියා පොලි­සි­යට පවසා ඇත.

නි‍ෙවසේ කිසි­වකු නොසිටි වේලා­වක මෙම සොර­කම සිදු­කර ඇති බව පොලි­සිය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT