2022/2023 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් ආර්ථික අපහසුතා ඇති සිසු දරුවන් 6000ක් සඳහා උසස් පෙළ හැදෑරීමට ශිෂ්‍යත්ව ලබාදීමට අදාළ කටයුතු මේ වන විට අවසන් අදියරේ පසුවන බවත්, ඒ අනුව 2024 මැයි මස සිට මාර්තු, අප්‍රේල් මාසවල හිඟ වාරික ද සහිතව එම ගෙවීම් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් ජනාධිපති අරමුදල දැනුම් දෙයි.
ඒ අනුව 2024 මාර්තු සිට ක්‍රියාත්මක වන පරිදි මසකට රුපියල් 6000 බැගින් වාරික 24ක් සඳහා මේ ශිෂ්‍යත්ව ප්රදානය කෙරේ.
තෝරාගන්නා ලද සිසුන්ගේ නාමලේඛන පළාත් වශයෙන් ඉදිරි දින කීපයේ ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවියේ (www.presidentsfund.gov.lk) පළකිරීමට කටයුතු කරන අතර වැඩිදුර විස්තර සඳහා ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව (www.facebook.com/president.fund) like/follow කර තබාගන්නා මෙන් ද ජනාධිපති අරමුදල දැනුම් දෙයි.
තවද 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ආර්ථික අපහසුතා සහිත සිසුන් ලක්ෂයක් සඳහා පිරිනැමෙන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනේ අයැදුම්පත් භාර ගැනීම මේ වන විට අවසන් වී ඇති අතර ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛන කලාප මට්ටමින් ඉදිරි මාසයේ ජනාධිපති අරමුදල වෙත ලැබීමට නියමිතය. එම නාමලේඛන ලද පසු අදාළ සිසුන්ට ශිෂ්‍යත්ව දීමනා වශයෙන් මසකට රුපියල් 3000 බැගින් මාසික වාරික 12ක් ගෙවීමට කටයුතු කෙරෙන අතර මේ ශිෂ්‍යත්ව මුදල් ද 2024 මැයි මස සිට ලබාදීමට නියමිතය.