හුනුපිටිය, ගැමුණු මාවතේ මෝටර් වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබූ කාබයිට් ටැංකියක් පුපුරා යාමෙන් එහි සේවය කළ සේවකයෙකු එම ස්ථානයේදීම ඊයේ (08) පෙරවරුවේ මරුමුවට පත්වී ඇත.
මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙකටන, දෙමාලගම ප්‍රදේශයේ පදිංචිව සිටි චන්දන අතපත්තු නමැති 45 හැවිරිදි තැනැත්තෙකි.
ඊයේ (08) පෙරවරු 11.50ට පමණ මොහු විසින් කාබයිට් ටැංකිය ක්‍රියාවිරහිතව පවතින නිසා එය පරීක්ෂා කිරීමට යාමේදී එය පුපුරා යාමෙන් ඔහු බරපතළ ලෙස තුවාල ලබා එම ස්ථානයේදීම මරුමුවට පත් වී ඇතැයි කියති.
මියගිය සේවකයාගේ මෘත දේහය මේ වනවිට කිරිබත්ගොඩ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබේ.
මේ සිද්ධිය සම්බන්ධව කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත කුමාර මහතාගේ උපදෙස් පරිදි එහි විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යාපා චන්ද්‍රතිලක, පොලිස් සැරයන් සිසිර (2725), පොලිස් කොස්තාපල්වරුන් වන පත්මසිරි (79778), සුගන්ද (20689) හා නන්දසිරි (93652) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යති.