Home » මීපේ ‘ලිට්ල් හෙක්සර්’ අවු­රුදු උත්ස­වය දා

මීපේ ‘ලිට්ල් හෙක්සර්’ අවු­රුදු උත්ස­වය දා

by Gayan Abeykoon
April 9, 2024 1:00 am 0 comment

පාදුක්ක සමූහ - රෙක්සි වෙත්ත­සිංහ

මීපේ ‘ලිට්ල් හෙක්සර්’  පෙර පාසලේ දරු­වන් වෙනු­වෙන් සංවි­ධා­නය කළ සිංහල අලුත් අවු­රුදු උත්ස­ව­යක් වට­රැ­කදී පෙරේදා (7) දින දවස පුරා පැවැ­ත්වුණි. සිංහල අලුත් අවු­රුදු චාරිත්‍ර දරු­වන්ට හුරු­පු­රුදු කිරීමේ අර­මු­ණින් පෙර පාසලේ ප්‍රධා­නා­චාර්ය ගුරු­තු­මිය ඇතුළු ගුරු මණ්ඩ­ලය උත්ස­වය සංවි­ධා­නය කර තිබුණි. මෙහිදී සිංහල අලුත් අවු­රුදු චාරිත්‍ර හා විවිධ ජන ක්‍රීඩා පැවැති අතර, දරු දැරි­යන්ගේ මවු­පි­යන් වෙනු­වෙන් සංවි­ධා­නය කර තිබූ තරග ඉසව් රැස­කට ඔවුහු සහ­භාගී වූහ. එම අව­ස්ථා­වට පෙර පාසලේ දරු දැරියෝ ද ඔවුන්ගේ මවු­පියෝ ද සහ­භාගී වී සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT