88
හෝමාගම ප්‍රාදේශී ලේකම් කොට්ඨාසයේ සමෘර්ධි ප්‍රජා මූල බැංකු සමිති මඟින් මෙවර සිංහල අලුත් අවුරුදු උත්සවය ඉලක්ක කර ගනිමින් සමෘද්ධි ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ඇතුළත් ‘සමෘද්ධි අභිමානි’ වෙළෙඳ ප්‍රදර්ශනය මේ මස 10 සහ 11 යන දිනවල සංවිධානය කර ඇත.
ඒ අනුව, එම දිනවල පිටිපන සමෘද්ධි ප්‍රජා මූල බැංකුවේ ‘සමෘද්ධි අභිමානි’ පොළ පිටිපන සමෘද්ධි ප්‍රජා මූල බැංකු පරිශ්‍රයේදීත්, මත්තේගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුවේ ‘සමෘද්ධි අභිමානි’ පොළ කිතුලහේන ජයසුමනාරාම විහාරස්ථානය ඉදිරිපිටදීත් පැවැත්වේ.