හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආටිගල නැඟෙනහිර හා බටහිර ග්‍රාම නිලධාරී වසම්වල, සමෘද්ධි ප්‍රජාමූල සංවිධානවල සාමාජිකාවන් සඳහා, දේශීය කුළුබඩුවල ඖෂධීය ගුණාංග පිළිබඳ දැනුම්වත් කිරීමේ ප්‍රායෝගික වැඩමුළුවක්, ආටිගල සුගතබිම්බාරාම විහාරස්ථ ශාලාවේදී පැවැත්වුණි.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සමෘද්ධි හා දේශීය වෛද්‍ය අංශවල සම්බන්ධීකරණයෙන් ආටිගල නැඟෙනහිර හා බටහිර සමෘද්ධි සංවර්ධන නිලධාරි නාමල් ධර්මසිරි මහතා විසින් සංවිධානය කළ මෙම වැඩසටහනට, හෝමාගම ආයුර්වේද වෛද්‍ය දිලීප් ගිනිගේ මහතා විසින් සම්පත් දායකත්වය ලබා දීම සිදුවිය.
එම අවස්ථාවට හෝමාගම ආයුර්වේද වෛද්‍ය නිලධාරි දිලීප් ගිනිගේ, මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු කළමනාකාර ඒ.ආර්. රූපසිංහ, සමෘද්ධි ව්‍යාපෘති සහකාර රේණුකා ජයසූරිය, සංවර්ධන නිලධාරි දේශීය වෛද්‍ය එන්.එස්. පුංචිහේවා සහ සමෘද්ධි සංවර්ධන නිලධාරි නාමල් ධර්මසිරි යන මහත්ම මහත්මීහුද, ආටිගල නැඟෙනහිර හා බටහිර සංවර්ධන නිලධාරිනියන් ද, සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ නිලධාරීන් හා සාමාජිකාවෝද සහභාගී වූහ.