Home » නවතා තිබූ පොල් ලොරියේ හැපුණු යතුරුපැදිකරු මරුට

නවතා තිබූ පොල් ලොරියේ හැපුණු යතුරුපැදිකරු මරුට

by sachintha
April 10, 2024 1:03 am 0 comment

නොරොච්චෝල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ලොරි රථයක යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ හදිසි අනතුරිකින් පැදිකරු මියගොස් ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ ආලංකුඩාව පදිංචි වර්ණකුලසූරිය සමීර ලසන්ත නම් 26 හැවිරිදි අවිවාහක තරුණයෙකි. කල්පිටියේ සිට පාලවිය දෙසට ධාවනය වෙමින් තිබූ පොල් පටවන ලද ලොරිය අතුරු පාරට හැරවීම පිණිස පාරේ නතර කර තිබියදී පාලවිය සිට කල්පිටිය දෙසට අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය මෙම ලොරි රථයේ ගැටුණු බව පොලිසිය පවසයි. අනතුරුව මෙම යතුරුපැදිය අසල වූ ටයර් වෙළෙඳසලක, ටයර් ගලවා ආධාරක මත රඳවා තිබූ තවත් ලොරි රථයක ද ගැටී බිම පතිත වී ඇත. තුවාලකරු වහාම කල්පිටිය රෝහලට පිටත් කර යැවූවද අතරමගදී ජීවිතක්ෂයට පත්ව තිබිණ. ලොරිය සහ එහි රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, නොරොච්චෝල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් 31766 සුනිල් ජයතිස්ස වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

කල්පිටිය සමූහ – කුමාරී පද්මලතා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT