Home » පුනරින්වලදී හමුදාවෙන් අවුරුදු උත්සවයක්

පුනරින්වලදී හමුදාවෙන් අවුරුදු උත්සවයක්

by sachintha
April 10, 2024 1:06 am 0 comment

යාපනය අර්ධද්වීපයේ සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් 55 පාබළ සේනාංකයේ මූලිකත්වයෙන් පසුගිය දින පුනරීන් ප්‍රදේශයේදී අලුත් අවුරුදු උත්සවයක් පැවැත්විණි.

ආරක්‍ෂක සේනා ආඥාපති – යාපනය ගේ උපදෙස් හා 55 පාබළ සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත පූනරින් පොලිස් ස්ථානය, පූනරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ එක්ව 552 පාබළ සේනාව වෙතින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය. සාම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රීඩාවන්ට ප්‍රමුඛත්වය දෙමින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර, උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ දමිළ සිවිල් වැසියන් උද්යෝගයෙන් යුතුව යුද හමුදා සාමාජිකයන් සමඟ එක්ව කටයුතු කර තිබේ.

 

දිගාමඩුල්ල විශේෂ – වසන්ත චන්ද්‍රපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT