Monday, May 12, 2025
Home » ජනපති සමාව ලැබූ සිරකරුවෝ 779ක් අවුරුදු දා පිටව යති

ජනපති සමාව ලැබූ සිරකරුවෝ 779ක් අවුරුදු දා පිටව යති

by sachintha
April 11, 2024 1:04 am 0 comment

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව හිමි වූ සිරකරුවන් 779ක් නිදහස ලබා මෙම 13 වැනිදා බන්ධනාගාරවලින් පිටව යෑමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වැනි වගන්තියේ පැවරී ඇති බලතල ප්‍රකාරව, සිරකරුවන්ට මෙම වි‍‍ශේෂ රාජ්‍ය සමාව හිමි වී තිබේ.

නිදහස ලබන මෙම රැඳවූවන්ගෙන් 11 දෙනෙක් කාන්තා රැඳවූවෝ වෙති.

මෙවර වැඩිම සිරකරුවන් ප්‍රමාණයක් නිදහස ලබා ඇත්තේ පල්ලේකැලේ බන්ධනාගාරයෙනි. සංඛ්‍යාව 210කි. වීරවිල බන්ධනාගාරයෙන් සිරකරුවන් 91ක් ද තල්දෙන බන්ධනාගාරයෙන් 88ක් ද මහර බන්ධනාගාරයෙන් 56ක් ද අඹේපුස්ස බන්ධනාගාරයෙන් 43ක් ද අනුරාධපුර බන්ධනාගාරයෙන් 30ක් ද වශයෙන් බන්ධනාගාර 29කින් මෙම සිරකරුවන් නිදහස ලබා ඇත.

ගත කරන ලද සිරදඬුවම් කාලයෙන් වසරකට සති 01ක් අඩු කිරීම, පුනරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ නියම කර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවූවන්ගේ එම පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරන පනත පරිදි ප්‍රජා විශෝධන නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ ගත කිරීමට යටත්ව නිදහස් කිරීම, දඩ මුදල් අහෝසි කිරීම යටතේ මෙම සිරකරුවන් නිදහස ලැබීමට සුදුසුකම් ලබා ඇත.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT