Home » දුක් කඳුළු සෝ සුසුම් මැද පලස්තීනුවෝ රමලාන් නිහඬව සමරති

දුක් කඳුළු සෝ සුසුම් මැද පලස්තීනුවෝ රමලාන් නිහඬව සමරති

by sachintha
April 11, 2024 1:12 am 0 comment

අල් අක්සා දේවස්ථානයට දහස් ගණනක බැතිමත්හු

ගාසා තීරයේ යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පළමු ඊදුල් ෆිත්ර් රමලාන් උත්සවය පෙරේදා පලස්තීන ජනතාව ඉතා නිහඬව සහ වේදනාකාරීව සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය පවුලේ සාමාජිකයන් සහ ඥාතීන් යුද්ධයෙන් ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ගාසා තීරයේ ජනතාවගේ රමලාන් සැමරුම දුක් කඳුළු සහ සෝ සුසුම් මැද සිදු වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඊශ්‍රායල හමුදාව දිගින් දිගටම ගාසා තීරයට ආහාර හා මානුෂීය ආධාර බෙදා දීම වැළැක්වීමට මිසයිල සහ වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටි බවත්, උපවාස සමය අවසන් වීමෙන් පසුවත් ගාසා තීරයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර නොලැබීම හේතුවෙන් තවදුරටත් නිරාහාරව රමලාන් උත්සවය සැමරීමට සිදු වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

නිහඬව සැමරු රමලාන් උත්සවය ආගමික වතාවත් සඳහා පමණක් සීමා වූ බවත්, දහස් සංඛ්‍යාත ජනතාව මරණ බිය නොතකා අල් අක්ෂා දේවස්ථානයට එක්රොක් වූ බවත් වැඩිදුරටත් වාර්තා වේ. අනාථ කඳවුරුවල සිටින ජනතාව ද නිහඬව රමලාන් සැමරුම්වලට එක් වූ බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT